ක්‍රීඩා

හිමාෂ ඒෂාන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

මීටර් 100 ධාවන ඉසව්ව සඳහා නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හිමාෂ ඒෂාන් අද සමත්විය.

ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තේරීම් තරගාවලියේදී. තරගාවලිය පැවැත්වුණේ මේ වසරේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පළමු තේරීම් තරගාවලිය ලෙසයි.

මීටර 100 අවසන් තරගයට අද සහභාගි වූ හිමාෂ මීටර 100 ඉසව්ව නිම කළේ තත්පර 10.22ක කාලයක් වාර්තා කරමින්. ඔහු පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 100 ඉසව්ව තත්පර 10.26කින් නිම කරමින් එහි ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button