ක්‍රීඩා
දකුණු අප්‍රිකාවේ ඩු-ප්ලෙසිස් අවාසනාවන්ත 199 සමාජයට
මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 199 ක් ලබා සිටියදී දැවී ගිය ක්‍රීඩකයින් එකෝළොස් දෙනෙකු පමණක් සිටියි. ඒ අතරට අද අලුතෙන්ම එක්වුණේ දකුණු අප්‍රිකාවේ ෆැෆ් ඩු-ප්ලෙසිස්ය.
ශ්‍රී ල්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙදී ඔහු ලකුණු 199 කට දැවී ගියේය.
මින් පෙර මෙලෙස ලකුණු 199 ක් ලබා සිටියදී දැවී ගිය ටෙස්ට් පිතිකරුවන් ගණන දහයකි. ඔවුන් නම්;
- මුදසාර් නසාර් (පකිස්ථානය) – 1984 දී ඉන්දියාවට එරෙහිව 199 ක් ෆයිසලාබාද්හිදී.
- මොහොමඩ් අසාරුදීන් (ඉන්දියාව) – 1986 දී කාන්පූර්හිදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 199 ක් රැස් කළේය.
- එම් එලියට් (ඕස්ට්‍රේලියාව) – 1997 දී එංගලන්තයට එරෙහිව 199 දී ලීඩ්ස්හිදී.
- සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව) – 1997 දී කොළඹදී ඉන්දියාවට එරෙහිව 199 යි.
- ස්ටීව් වෝ (ඕස්ට්‍රේලියාව) – බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 1999 දී බ්‍රිජ්ටවුන්හිදී ලකුණු 199 ක් රැස් කළේය.
- යුනිස් ඛාන් (පාකිස්තානය) – 2006 දී ලාහෝර් හිදී ඉන්දියාවට එරෙහිව 199 ක්.
- ඉයන් බෙල් (එංගලන්තය) – 2008 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝඩ්ස් හිදී 199 ක්.
- ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව) – 2015 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 199 ක් කිංග්ස්ටන්හිදී.
- කේ.එල් රාහුල් (ඉන්දියාව) – 2016 දී එංගලන්තයට එරෙහිව 199 දී චෙන්නායි හිදී.
- ඩීන් එල්ගර් (දකුණු අප්‍රිකාව) – 2017 දී බංග්ලාදේශයට එරෙහිව 199 ක් පොට්චෙෆ්ස්ටූම් හිදී.
මේ අතර 199 දී නොදැවී රැඳී සිටි එකම ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ඇන්ඩි ෆ්ලවර් සහ කුමාර් සංගක්කාර ය.