දේශපාලන

සජිත්ගේ සංස්කෘතික අපරාධ

මිනිසෙකුට සංස්කෘතියක් තිබිය යුතුය. එයින් අදහස් කරන්නේ ජාති – ආගම් මූලික කරගත් මිනිසුන් භේදබින්න කරන සංස්කෘතිය නොවේ. පණ ඇති මිනිසෙකු බිහි කරන සංස්කෘතියකි. සජිත් ප්‍රේමදාස යනු ඒ සංස්කෘතියෙන් පිට ගිය අයෙකි. ඇමතිවරයෙකු ලෙස ඔහු කියන්නේ නියම ක්‍රමයට වැඩ කරන හැටි ය.

එහෙත් වැඩ සිද්ධ වන්නේ කියන විදිහට නොවේ. රාජ්‍ය ආයතන වල ක්‍රමවේද උල්ලංඝනය කරමින් ඔහු නීතිවිරෝධී වැඩ කරන්නෙකි. සංස්කෘතික අරමුදල ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රවේශ පත් විකුණා ලැබෙන මුදලින් සියයට විසි පහක් පුරාවිද්‍යා කටයුතු සඳහා වෙන් කළ යුතුය. නීතියේ එසේ තිබුණද, සජිත්ගේ ඒකාධිපති තීරණයකට අනුව එම මුදල් යොදාගෙන ඇත්තේ ඡන්ද වැඩට ය. එම මුදල රුපියල් කෝටි එකසිය විස්ස ඉක්මවයි. ඒ මුදල් ගැන ඇසූ විට සජිත් කියන්නේ ස්ථිර තැන්පතුවේ තිබුණහොත්, මුදලේ අගය අඩු වන බවයි. එම නිසා මුදල් එළියට ගත් බවයි. මේ මුදල් එළියට ගෙන ඇත්තේ ජනතාවට සහන දෙන්නට නොවේ. සසුනට අරුණ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ය.

සජිත්ගේ සැමට සෙවණ ව්‍යාපෘතිය යටතේ ඉදි කළ පොළොන්නරුවේ සුගලාදේවි ගම්මානයේ නිවාස විසි පහක් ඉදි කර තිබේ. එක් නිවසකට රුපියල් ලක්ෂ හතරක ණයක් ලබා දෙයි. ඒ අනුව නිවාස විසි පහකට වැය කර ඇති මුදල ලක්ෂ සීයකි. මේ ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ වියදම රුපියල් ලක්ෂ එකසිය තිස් තුනකි. සමරු ඵලකයේ වියදම රුපියල් දෙලක්ෂ තිස් තුන්දහසකි.

මේ සියලු කටයුතු සිදු කෙරෙන්නේ සජිත්ගේ හිතූ මනාපයට ය. එක්දහස් නවසිය අසූවේ අංක හතළිස් හත දරන සංශෝධිත ජාතික පාරිසරික පනත ඔහුට අදාළ නැත. එම පනතට අනුව අක්කර දෙක හමාරකට වැඩි වනාන්තර කොටස් ශුද්ධ කිරීමට පෙර පරිසර වාර්තාවක් සකස් කිරීම අනිවාර්ය වේ. එහෙත් මේ ගම්මාන ඉදි කිරීමේදී එවැනි වාර්තා සකස් කිරීම අනවශ්‍ය බව සජිත් දැනුම් දී ඇත. දෙදහස් පහළොවේ අප්‍රේල් අට වැනිදා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත්තේ කැකිරාව ඉහළගම ගම්මානය ඉදි කිරීම නීති විරෝධී බවයි. එහෙත් සජිත් දැනුම් දී ඇත්තේ එම විරෝධය නොසලකා හැර ගම්මානය ඉදි කරන ලෙසයි. වන රක්ෂිතයක පිහිටි අලි මංකඩක මෙම ගම්මානය ඉදි කර තිබේ. සජිත්ගේ අලි කරුණාවේ තරම එසේ ය.

ජනතාවගේ ඡන්දය ඉල්ලන සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂට දෙවැනි නොවන බවට මේ උදාහරණ කිහිපයක් පමණි. මිනිස් සංස්කෘතියක් නැති, බලය වෙනුවෙන් ඕනෑම අපරාධයක් කරන මිනිසුන් ඔබට විශ්වාස ද?.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button