පුරවැසි කොළම

පාර්ලිමේන්තු නොපැමිණ පිං පඩි ගන්නා කාලකන්ණින්ට ඡන්දය දීමෙන් වළකින්න

අද (06) ආණ්ඩුවේ ප්‍රමාණවත් මන්ත්‍රීන් සංඛ්‍යාවක් නොමැති වීම නිසා පාර්ලිමේන්තුව ලබන 17 දක්වා කල් තබා ඇත.

එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු නොපැමිණ, ගිහින් ඇත්තේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන එජාපයේ විශේෂ රැස්වීමක් සඳහා ය.

ඒ රැස්වීම පවත්වන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පක්ෂයේ අපේක්ෂකයා ගැන සාකච්ඡා කිරීම පිණිස ය. එය මහජනතාවට අදාල නොවන එජාපයේ පෞද්ගලික රැස්වීමකි.

එජාපය තමන්ගේ සාමාජිකයන් ගෙන්වාගෙන රැස්වීම් බැරිනං දොදොල් හැඳිගෑවත් අපට කමක් නැත.

නමුත් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව මගහැර, මහජන ගැටළු වලට පිළිතුරු නොදී තමන්ගේ පෞද්ගලික වැඩ සඳහා යාම මහජනතාවට ප්‍රශ්ණයකි.

ඊයේ දිනයේද බිමල් රත්නායක මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්ණ 15 ටම පිළිතුරු දීමට එකදු ඇමතිවරයෙකු හෝ පාර්ලිමේන්තුවේ නොසිටි බවයි.

එජාපයේ මැතිවරණ කතා, අපේක්ෂක තේරීම් කතා අපට අදාල නැත. පාර්ලිමේන්තුවේ සැසිවාර ඒ අයුරින් පැවැත්විය යුතුය.

පාර්ලිමේන්තුවේ දිනක වියදම ලක්ෂ 250 + ට වැඩිබව 2017 වසරේ වාර්තාවක් පහත දැක්වේ.

ඔව් කෝටි දෙකහමාරක්. ! 2017 දි….!!

කරුණාකර පාර්ලිමේන්තු නොපැමිණ පිං පඩි ගන්නා කාලකන්ණින්ට ඡන්දය දීමෙන් වළකින්න….!


චමල් අකලංක පොල්වත්තගේ


පහත දැක්වෙන්නේ තොරතුරු දැනගැනීමේ අයදුම් පත්‍රයක් හරහා ලබා ගත් නිල තොරතුරු ය.

 

පාර්ලිමේන්තුවේ දෛනික වියදම සහ වසරේ සමස්ත වියදම


මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා සහ වරප්‍රසාද


කොළඹ සහ ඉන් පිටත මන්ත්‍රීවරුන්ට ගෙවන ගෙවීම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button