දේශීය

2022 වෙනකං කරන්ට් එක කැපිල්ලක්

විදුලිබල ක්‍ෂේත්‍රයේ පවතින ජාවාරම් ක්‍රියා නවතා දැමීමට කටයුතු නොකළොත් 2022 වනතෙක් විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටියා.

2019 වසරේදී විදුලි අර්බුදයක් පැමිණෙන බවට 2016 වසරේ මාර්තු මාසයේදී මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබූ බවද එම පක්‍ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

පවතින අර්බුදය නිසා මුළු රටම අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මේ නිසා රටට අවශ්‍ය විදුලිබල ප්‍රමාණය පිළිබඳ විදුලිබල මණ්ඩලය, එම අමාත්‍යාංශය හා ආණ්ඩුව එක්ව කඩිනමින් සැලසුම් සකස් කළ යුතු බවද ඊයේ (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button