දේශීය

2019 වසරේ සංචාරය කිරීමට ලෝකයේ හොඳම රට ලංකාව ලෙස නම් කරයි

ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Lonely Planet වෙබ් අඩවිය විසින් වාර්ෂිකව පළ කරනු ලබන ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 10 ලැයිස්තුවේ 2019 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 10 අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

මෙම වාර්තාව ඊයේ (23/10) දිනයේදී ප්‍රකාශයට පත් කර ඇති අතර Lonely Planet වෙබ් අඩවියට සම්බන්ධ කාර්තෘවරුන් සහ එහි සේවකයින් මෙන්ම ලොව පුරා සිටින Lonely Planet වෙබ් අඩවියේ විශේෂ නියෝජිතයින් හරහා මෙම ශ්‍රේණිගත කිරීමට දත්ත සපයා ගනී.

Sri Lanka ranked top country for travel in 2019.
2019 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 10

  1. Sri Lanka
  2. Germany
  3. Zimbabwe
  4. Panama
  5. Kyrgyzstan
  6. Jordan
  7. Indonesia
  8. Belarus
  9. São Tomé and Príncipe
  10. Belize

ශ්‍රී ලංකාව පළමු තැනට පත්වීමට හේතු

Lonely Planet වෙබ් අඩවියට අනුව 2019 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 10 අතරින් ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිවීමට හේතු ගණනාවක් බලපෑ බව වාර්තා වේ.

එම හේතු අතරින් ප්‍රධානතම හේතු කිහිපයක් පහත දැක්වෙයි.

  1. නිවර්තන රටක් වීම.
  2. බහු ජාතික සහ බහු සංස්කෘතික රටක් වීම.
  3. පූජනීය ස්ථාන රැසක් පිහිටීම.
  4. වන ජීවීන් බහුලව සිටීම සහ ඔවුන්ව නැරඹීමට ඇති පහසුව.
  5. රළ මත ලිස්සා යාමට කදිම වෙරළ තීරයන් පිහිටීම.
  6. රට වැසියන්ගේ මිත්‍රශීලී බව.
  7. ඔවුන්ගේ උණුසුම් පිළිගැනීමේ විධි.
  8. ඉහල ආගන්තුක සත්කාර.
  9. පරිසර හිතකාමී සංචාරක වැඩසටහන්.
  10. දැරිය හැකි මට්ටමේ ආහාර පාන.
  11. විවිධත්වයකින් යුතු ආහාර පාන වර්ග.

රංජන තන්ත්‍රිගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button