ක්‍රීඩා

අැමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ශ්‍රී ලාංකිකයෙක්

ජාත්‍යන්තර ක්‍රිකට් සමාජයට පිවිසෙන ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂී පුද්ගලයින් දෙදෙනකුම ශ්‍රී ලාංකිකයෝය.
ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රීඩක පුබුදු දසනායක සහ මෙරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රෝයි සිල්වා ය.
පුබුදු දහනායක අමෙරිකානු ක්‍රිකට් කණ්ඩ‍ායමේ ප්‍රධාන පුහුණුකරුය.
පුබුදු 1993 වසරේ සිට 1994 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ කඩුලු රකින්නෙකි. ඔහු එම කාලය තුළ ටෙස්ට් තරග 11කට සහ එක්දින තරග 16කට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇත. ඇමෙරිකානු කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි කර ගැනීම දක්වා පැමිණි ගමනේ ප්‍රධාන චරිතයක් වී ඇත්තේද ඔහුය, ඔහුය.
1970 වසරේ ජූලි මස 11 වන දා මහනුවරදී උපන් පුබුදු, ශ්‍රී ලංකාව, කැනඩාව, කොළඹ ක්‍රිකට් සමාජය (CCC), කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, එස් එස් සී ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කර ඇත.
පුබුදු ඊට පෙරාතුව කැනඩාවේ සහ නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ද කටයුතු කර තිබේ.
කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කළ රෝයි සිල්වා, ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන්නේය.
ඔහු ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන කණ්ඩායම් නියෝජනය කර ඇත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button