සමාජ

ඔස්කා රොමෙරෝ ශාන්තුවරයට එසවෙද්දී – යක්ෂයාගේ ඉගැන්වීම් ලංකාවේ කතෝලික පල්ලිය අරක් ගනිමින් සිටියි

එනම් කාදිනල් මැල්කම් රන්ජිත් නමැත්තා මානව හිමිකම් ප්‍රතික්ෂේප කරමින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේට ද අභියෝග කරමින් සිටීමයි

1980 මාර්තු 24 වනදා දේව මෙහෙයක් පවත්වමින් සිටියදී ඝාතකයකුගේ වෙඩි පහරට ලක්ව එල් සැල්වදෝරයේ අගරදගුරු ඔස්කාර් රොමේරෝ මරණයට පත් වූයේ ය​. ඔහුගේ ඝාතනය අදට ද නොවිසඳුණ අබිරහසකි. නමුත් එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් මගින් කියවුණේ අන්ත දක්ෂිනාංශික ඝාතක කල්ලියක ප්‍රධානියා වූ රොබර්තෝ ඩ’අබුයිසොන් මෙම ඝාතනයට අණ දුන් බව ය​.

රොමේරෝගේ “අපරාධය” වූයේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නැගීම ය​.

ඔහුගේ අවමගුල් උත්සවය අවස්ථාවේ 250,000 ක් පමණ ජනකායක් ඊට එක් වූ බව කියවේ. ඒ එල් සැල්වදෝරයේ ජනගහනයෙන් දහසයෙන් එකකි. අවමගුල් උත්සවයේදී ද කලබල ඇති වූ අතර එය ද කිසිවකු විසින් කළේදැයි නොදනී.

ඊයේ (2018 ඔක් 14) ෆ්‍රැන්සිස් පාප්තුමා ඔස්කාර් රොමේරෝ සාන්තුවරයට උසස් කළේ ය​. ඒ මානව හිමිකම් වෙනුවෙන් කළ සටන නිසා ය​.

මේ අතර ලංකාවේ කාදිනල් මැල්කම් රන්ජිත් නමැත්තා මානව හිමිකම් ප්‍රතික්ෂේප කරමින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේට ද අභියෝග කරමින් සිටියි.

ජේසුස්වහන්සේගේ ඉගැන්වීම් රෝමය වෙත ළඟා වෙද්දී, යක්ෂයාගේ ඉගැන්වීම් ලංකාවේ කතෝලික පල්ලිය අරක් ගනිමින් සිටියි.

ඡායාරූප​: Getty Images, AP, News First


චාමර සුමනපාල

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button