දේශීය

ඇයට දැන් හොඳටම සුවයි

නව කොරෝනා වෛරසය අසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට එම කාන්තාවගේ ශරීරයෙන් අදාළ වෛරසය සම්පූර්ණයෙන්ම හරණය වී ඇති බවයි. සිදුකළ පරීක්ෂණවලට අනුව එම කාන්තාව මේ වන විට රෝහලෙන් පිටත් කර හැරිය හැකි තත්ත්වයටම සුවය ලබා ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ වන විට කොරෝනා ආසාදිතයින් බවට සැක සහිත රෝගීන් 16 දෙනෙකු රෝහල්ගත කර සිටින බවත් අනිල ජාසිංහ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button