දේශපාලන

සහරාන්ට මහින්ද රජයෙන් පඩි ගෙවූ බව ගෝඨාගේ නිල මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය පිළිගනියි

ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී, අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස විශ්වාස කෙරෙන මොහොමඩ් සහරාන් හෂීම් ඔත්තුකාරයකු ලෙස රජයන් වැටුප් ලබාගෙන ඇති බව තහවුරු වෙයි.

පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් ඇතුළු කල්ලි කණ්ඩායම් වලට මුල්‍යමය වශයෙන් ආධාර උපකාර කළේ තම ආණ්ඩුවෙන් බවට රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමතිවරයකුව සිටි කෙහෙළිය රඹුක්වැල්ල ‘හිරු’ නාලිකාවේ ‘බලය’ වැඩසටහනට එක්වෙමින් කරනු ලැබූ අනාවරණයකින් එම කාරණය තහවුරු විය.

හිටපු ඇමතිවරයා ඉතාමත් ආවේගශීලිව එබව පැවසුයේ, එම රුපවාහිනී වැඩසටහනට එක්ව සිටි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සමග ඇතිවූ උණුසුම් සංවාදයක දිය.

මීට පෙර අවස්ථාවක දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ රජයෙන් වැටුප් ගෙවා ඇත්තේ ඔත්තුකරුවන්ට බවත් ඔවුන්ගේ නම් හෙළිදරවු කිරීම බලවත් වරදක් බවත්ය .

කෙසේවුවද පසුගිය ජුනි 04 දා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ තිස් දෙනකුට පසුගිය රජය වැටුප් ගෙවා ඇති බවයි.

සාමාන්‍යයෙන් ඔත්තුකරුවන් ලෙස සලකන්නේ ත්‍රස්තවාදී සංවිධානයකට පිටතින් ඇතුළුකොට තොරතුරු ලබාගැනීමට යොදවන උදවියයි. ඇතැම්විට සංවිධානයේ සිටින අයටද මුදල් ගෙවා ඔත්තු ලබාගැනීම සිදුවෙයි. මරාගෙන මැරෙන සංවිධානයක නායකයකු ඔත්තුකරුවකු ලෙස සලකා වැටුප් ගෙවීම විශේෂ තත්වයකි.

මෙවැනි තත්වයක් තුළ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා හා නලින් බණ්ඩාර නියෝජ්‍ය ඇමතිවරයා ‘හිරු’ සංවාදයේ දී සහරාන් සම්බන්ධයෙන් ප්‍රකාශිත කොටස කිසිඳු සංශෝධනයකින් තොරව පහත සටහන් කර තිබේ.

නලින් බණ්ඩාර :

“මම හිතන්නේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ සහරාන්ලව කිරි පොවලා හැදුවේ කවුද කියන එක මේ රටේ ජනතාව දන්නවා. සීඅයිඩී එකෙන් ඔප්පුවෙලා තියෙනවා සහරාන් ඇතුලු කල්ලිය නිර්මාණය කළේ, ඔවුන්ට වැටුප් ගෙව්වේ 2015 ට කලින් මෙතුමාලගේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් කියලා.”

කෙහෙළිය :

“පොට්ටු අම්මාන්ගේ දෙවෙනියාටත් අපි පඩි ගෙව්වා. ඔව් එයා බුද්ධි අංශයේ හිටියේ. බුද්ධි අංශයෙන් අපි වැඩ ගත්තා. මෝඩකමට බුද්ධි අංශයේ එවුන් ටික හිරේ දාලා ඉවරවෙලා බෙරිහන් දුන්නට වැඩක් නෑනේ.”

නලින් බණ්ඩාර :

“හරි ඒකෙන් ඔප්පු වෙනවා ඔබතුමාලා පොට්ටු අම්මාන්ටත් ගෙවුවා සහරාන්ටත් ගෙව්වා කියලා. හරි බොහොම ස්තූතියි.”

කෙහෙළිය :

“ඔව් හරි හරි”

නලින් බණ්ඩාර :

“අන්න හරි හරි කිව්වා. ඔන්න බලාගන්න සහරාන්ටත් ගෙව්වා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. හරි බොහොම ස්තූතියි. සහරාන්ට ගෙව්වා”

කෙහෙළිය :

“නෑ නෑ පොට්ටු අම්මාන්ටත් ගෙව්වයි කියන එක ඒකෙදි පටලවා ගන්න එපා”

නලින් බණ්ඩාර :

“හරි දැන් සහරාන්ටත් ගෙව්වා කිව්වා හරිනේ”

කෙහෙළිය :

“ඔව් හරි, සහරාන්ටත් ගෙව්වා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. ඒ නිසා අපේ බුද්ධි අංශය නිසා තමයි ඒවා බේරිලා හිටියේ. ඒ සහරාන්ලගේ තොරතුරු ටික ඉන්දියාවෙන් දීලත් අහක බලාගෙන හිටියා පොන්නයෝ ටිකක්.”

නලින් බණ්ඩාර :

“ඔය සහරාන්ලාට පඩි ගෙවලා තමයි මේ රටේ දෙසිය පනහකටත් වැඩි පිරිසක් මරන්න වැ‌ඩේ පටන් ගත්තේ. ඔබතුමාට කිරි පොවපු ඒ නයි තමයි අහිංසක කතෝලික ජනතාව මරලා දැම්මේ. ඔන්න අද පිළිගත්ත මම ජනතාවට කියනවා කෙහෙළිය රඹුක්වැල්ල අද මුළු රට ඉදිරියේ පිළිගත්ත සහරාන්ට පඩි ගෙවලා කිරි පොවපු ඒ සහරාන්ගේ කල්ලියට මේ රටේ කරපු අපරාධය භාර කරපු අය කියලා. එදා කාලකන්නි සහරාන්ට පඩි ගෙවලා ඒ නිදාගෙන හිටපු සහරාන්ට 250කට වැඩි ඝාතනයන් කරන්න පඩි ගෙව්වා.”

කෙහෙළිය :

“කවුද කිව්වේ ?”

නලින් බණ්ඩාර :

“ඔබතුමා දැන් පිළිගත්තේ. ඒ නිසා පැහැදිළිවම ඔබතුමාල වගකියන්න ඕනා ඒ දෙසිය පනහහට වැඩි පිරිසක් ඝාතනය වුණු මිනිස්සුන්‌ගේ ජීවිතවලට. ඔබතුමාල නිර්මාණය කරපු සහරාන්ල නිසා. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව දැනගන්න ඕනේ අද හෙළිවුණා.

අද කෙහෙළිය රඹුක්වැල්ල පිළිගත්තා 2015 ට කලින් සහරාන්ට පඩි ගෙවලා කිරි පොවලා ඒ හදපු ඒ නයි පැටව් ටික තමයි මහා නාගයෝ වෙලා කොටි වෙලා මේ රටේ විශාල ඝාතනයන් කරේ, ඒ කිරි පොවපු උන් තමයි කියලා . ඔබතුමාලාගේ ආණ්ඩුව ඒක බාරගන්න ඕනේ. ඔබතුමාල හදපු උන් තමයි මේ රටේ ජනතාව ඝාතනය කෙරුවේ.”

කෙහෙළිය :

“මේ ආණ්ඩුව පොල් ගෑවද?”

නලින් බණ්ඩාර :

“හරි දැන් ඔබතුමාල කිරි පොවලා දැන් අපි අල්ලන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව විශේෂයෙන් කතෝලික ජනතාව අද දැක්කා ඔප්පු වුණා. අපි කාදිනල් තුමාටත් කිව්වා. කෙහෙලිය රඹුක්වැල් පිළිගත්තා සහරාන්ට පඩි ගෙවලා, සහරාන්ගේ කල්ලියට පඩි ගෙවලා මෙයාල තමයි සහරාන්ලව නිර්මාණය කරේ කියලා. එතකොට ඔයාල දැන් බුද්ධි තොරතුරු ගන්නනේ පඩි වෙව්වේ. හා හොඳයි හොඳයි. එතකොට එහෙම කරලා හදපු කිරි පොවපු නයි ටික දෂ්ඨ කරාට පස්සේ හොඳ නැහැ. ඔබතුමාල තමයි හැදුවේ සහරාන්ලව. හොඳට මතක තියාගන්න.”

කෙහෙළිය :

“ඉතින් මොකද ප්‍රශ්නය?”

නලින් බණ්ඩාර :

“ඒ නිසා ඒ පාපයෙන් ඔබතුමාලට බේරෙන්න බැහැ. අහිංසකයෝ නිකන් මරණයට පත්වුණා. ඒ නිසා හොඳට මතක තියාගන්න කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයෝ ඔබතුමාල ඇතුළු සියලු දෙනා වගකියන්න ඕනේ සහරාන්ල කරපු මරණවලට. සහරාන්ල නිර්මාණය කරපු අයට ඒකෙන් බේරෙන්න බැහැ. ඒ බිජු වපුරපු අය තමයි මේවට වගකියන්න ඕනේ. එතනින් තමයි පටන් ගත්තේ. සහරාන්ල හැදුවේ ඔබතුමාල ඕවට තමයි. මේ රටේ ජාතිවාදී අරගල ඇති කරන්න මුස්ලිම් අන්තවාදය ඇති කරන්න සහරාන්ල හැදුවේ ඔබතුමාලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button