ක්‍රීඩා

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය – 2020දී

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් කටයුතු ලබන ජනවාරි මාසයේ දී අවසන් වීමට නියමිතව පවතින බව ඉන්දියානු ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම ක්‍රීඩාංගනය ඉදිවෙමින් පවතින්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේයි.

එහි ඉදිකිරීම්වලින් 90%ක වැඩ අවසන්ව ඇති අතර මෙතෙක් ලෝකයේ විශාලතම ක්‍රීඩාංගනය වන මෙල්බර්න් ක්‍රීඩාංගනයට වඩා විශාලත්වයෙන් වැඩි බව සඳහන්.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් 95000කට තරග නැරඹීමේ හැකියාව පවතින අතර, ඉදිවෙමින් පවතින ගුජරාට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරග නැරඹිය හැකි ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව 110000 ක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button