දේශපාලන

රිෂාඩ් බදියුදීන් – වීරවංශගෙන් කෝටි සියයක වන්දියක් ඉල්ලයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් රුපියල් කෝටි සියයක වන්දි ඉල්ලා, අමාත්‍ය විමල් විරවංශට එන්තර වාසියක් යවා තිබෙනවා.

ඒ, මාධ්‍ය සාකඡ්චාවක් පවත්වා තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ඊට ලැබී ඇති බවටත් කරන ලද චෝදනාවට එරෙහිවයි.

අද (11) පැවති මාධ්‍ය හමුවකදී රිෂාඩ් බදියුදීන් මේ බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන්ට සතොස වාහන ලබා දී ඇතැයි තමන්ට චෝදනා කළත් ඒ කිසිවක් ඔප්පු කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button