විශේෂාංග

කතෝලික පල්ලිය විසින් අලින් වධ හිංසාවට ලක්කරයි…!

සැමට ප්‍රේමය, දයාව දැක්වීම ජේසු තුමන්ගේ ඉගැන්වීමය. එම ඉගැන්වීම අනන්ත වූ අවිහිංසාවෙන් පිරිපුන් ය. කිසිවෙකුට හිංසා නොකිරීමේ අවිහිංසාවාදී බවට සත්ත්වයන්ද අයත් ය. නමුත් මෙහි දැක්වෙන විකාර වූ ක්‍රියාවේ මේ අලියාව හිංසනයට ලක් කරන අයුරුය. මෙය ක්‍රිස්තු දර්ශනයට පටහැනි ක්‍රියාවක් ය. එමෙන්ම කතෝලික සංස්කෘතියේත් මෙවැනි සංස්කෘතිකාංග නැත. කෙටියෙන්ම කිවහොත් මෙය සංස්කෘතීන් මුහු කරන්නට ගොස් කරගන්නා ලද විකාරයක් පමණි.

මෙහි දැක්වෙන ආකාරයට මෙම අලියාව දම්වැල් වලින් ගැටගසා ඇත. හෙන්ඩුව අතින් ගත් ඇත්ගොව්වෙකු විසින් එම අලියා මෙල්ල කරගෙන ඇත. විචිත්‍රවත් ඇඳුමින් සරසා එම අලියා පීඩාවට පත් කර ඇත. කෙටියෙන්ම කිව්වොත් කිසිවෙකුගේ වුවමනාවට සතෙකුට මෙසේ හිරිහැර කිරීම සම්පුර්ණයෙන් වැරදිය. නීතියෙන් මෙන්ම සදාචාරාත්මකවද එය වරදක් වන්නේය.

එමෙන්ම කිතුනුවන්ගේ උත්තම වන්දනාවට පාත්‍රවන දිව්‍ය සත්ප්‍රසාදය හිංසාවට ලක් කළ අලියෙකුගේ පිට මත තබාගෙන, එවන් උත්තම වන්දනාවකට පාත්‍රවිය යුතු දෙයක් හෑල්ලුවට ලක් කර ඇත.

මෙම සිදුවීම වාර්තාවන්නේ අවිස්සාවේල්ල, ගුරුගල්ල ප්‍රදේශයේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයෙනි. ඒ සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්තවන ඡායාරූප කිහිපයක් ඇසුරිනි. අපට වාර්තා වුනු ආකාරයට මේ සිදුවීම සිදුව ඇත්තේ මීට වසර 3 කට පෙර ලෙසයි. නමුත් එම දේවස්ථානයේ facebook පිටුවේ මෙය පළවී ඇත්තේ 2019 ඔක්තෝබර් 08 වෙනිදා ලෙස සමාජ ජාලාවල සංසරණයවන screen shot හි දක්නට ලැබෙයි. එම නිසා මෙම සිදුවීමෙහි දින වකවානු පිළිබඳව පැහැදිලිතාවක් නැත.

කෙසේ වෙතත් ඒ පිළිබඳව අප ඒ පිළිබඳව මෙසේ සටහනක් තබන්නෙමු.

ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය, ගුරුගල්ල, අවිස්සාවේල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button