දේශීය

ලෝක ආහාර වැඩසටහන ලංකාවට කොළ එළි දල්වයි

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ලෝක ආහාර වැඩසටහන එකඟත්වය පල කර තිබෙනවා.

ඒ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සමග පැවති සාකච්ඡාවක දීයි.

අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සූදානම් බව ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයාට මෙහිදී සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button