ව්‍යාපාරික

CameraLk ඉදිරිපත් කරන ‘Image Expo 2018’ සහ ඊට සමගාමීව පැවැත්වූ සෝනි ඇල්ෆා උළෙල ඇරඹේ

ශ්‍රී ලංකාවේ විශාලතම කැමරාකරණ සහ ඩිජිටල් උපාංග අලෙවිකරු වන CameraLk විසින් සංවිධානය කරන “Image Expo 2018”, ශ්‍රී ලංකාවේ විශාලතම කැමරාකරණ උපාංග ප්‍රදර්ශනය 2018 ඔක්තෝම්බර් 5 වන දා සිට 7 වන දා දක්වා BMICHහි මිහිකත මැදුර’ පරිශ්‍රයේදී උදෑසන 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්විණි.

මෙම Image Expo 2018 හරහා ලෝකයේ ප්‍රමුඛතම වෙළඳ සන්නාම හා සමාගම් වල නවතම තාක්ෂණය එකම වහලක් යටදී අත්විදීමට වෘත්තීයමය මෙන්ම විනෝදාංශයක් ලෙසත් ඡාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ට අවස්ථාව හිමි විය. ලොව පුරා ප්‍රදර්ශනය කරන්නට යෙදුන ඉහළ පෙළේ තාක්ෂණික නිෂ්පාදන සහ ලොව හොඳම නිෂ්පාදකයින්ගේ නවතම කැමරා, කැමරා කාච, ආලෝකකරණ උපාංග, tripods සහ ඡාරූපකරණයට සහ වීඩියෝකරණයට අවශ්‍ය ඩ්‍රෝන සහ action camera ආදී බොහෝ උපාංග අත්විදීමට මෙහිදී හැකි විය. මෙයට සහභාගීවන්නන්ට තම කැමරා සිහින යථාර්ථයක් කර ගැනිමට බැංකු කිහිපයකින්ම ලබා දෙන විශ්මිත ක්‍රෙඩිට් කාඞ් දීමනා අත්විදීමටත් ප්‍රදර්ශනයේ තිබුණු ක්‍රියාකාරකම් වලින් වටිනා ත්‍යාග දිනා ගැනීමටත් අවස්ථාව හිමි වුණි.

මෙම Image Expo 2018 උළෙලේදීම ඊට සමගාමීව සෝනි ඇල්ෆා උළෙලද පැවැත්විණි. එහිදී සෝනි විසින් පුළුල් පරාසයක ඇති ඩිජිටල් රූප නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කිරීමට යෙදුණි. ප්‍රදර්ශනයේ ‘Experience Area’ හරහා ඡාරූප ශිල්පීන්ට සහ වීඩියෝ ශිල්පීන්ට සොනි හි නවතම උසස් තාක්ෂණික උපාංග අත්විදීමටත් ඒ හරහා නිර්මාණශීලී අදහස් හා දැක්මක් ඇතිකර ගැනීමටත් අවකාශය හිමි විය. එලෙසම මෙම ප්‍රදර්ශනය හරහා සොනි හි නවතම ප්‍රධාන නිශ්පාදන වන කාච රහිත කැමරා වන ඇල්ෆා A9 සහ ඇල්ෆා A7 III ද මෑතකදී ඉදිරිපත් කරන ලද A7 III හා වඩාත් අපේක්ෂාවෙන් සිටි G master Lens Sony 400mm f2.8 ද ලබා ගැනීමට මෙහිදී හැකි විය.

මෙම ප්‍රදර්ශනය හරහා ලොකප්‍රකට සන්නාම වනSony, Canon, Nikon, Sigma, Tamron, Sirui, Tokina, DJl, GoPro, Profotto සහ Wescott හි උපාංග අත්විදීමටත් ශ්‍රී ලංකාවේ ඡාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ට අවස්ථාව හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button