විශේෂාංග

පිටිසිරා සහ කිරිඥානේ කතා වස්තුව

- චින්තන ධර්මදාස ලියයි

කිරිබත්ගොඩ ඥානානන්ද කියන්නෙ මං අකමැතිම භික්ෂුවක්. ඒත් සමහර මෙහොතක අපි අකමැතිම අයව වෙනස් විදිහට පේන්න පටන් ගන්නවා. වෙනස් පර්ස්පෙක්ටිව් එකකින්. එතකොට ඒ අකමැති අය හෝ සිද්දි ගැන අපේ කියවීම වෙනස් වෙනවා. කිරිඥානෙ නොහොත් කිරිබත්ගොඩ ඥානානන්ද ගැනත් මට වුනේ එහෙම එකක්.

මෑතකාලීනව ලංකාවෙ බුද්ධ සාසනේ වෙනස් කරපු චරිත දෙකක් ඉන්නවා. මේ කියන්නෙ බුදුන් කියපු දේ ඇග හොලවන්න හෝ තග දාන්න පාවිච්චි කරපු අය ගැන නෙමෙයි. බුද්ද දර්ශනයටම වෙනස් අර්තකතන දුන් අය. ආකෘතිය වෙනස් කරපු අය.

එක්කෙනෙක් පිටිසිරා නොහොත් පිටිදුවෙ සිරිධම්ම. අනිත් එක්කෙනා කිරිඥානෙ. මේක ලේසිපාසු වෙනසක් නෙමෙයි කියලයි මං දකින්නෙ. බෞද්ධයෙකුට කල්ප ගානක් ඉපදෙමින් මැරෙමින් අත්පත් කරගන්න බැරිව තිබුන නිවන මේ ආත්මෙම ලබාගත හැකි දුරකට ගෙනාවෙ මේ දෙන්නා. නිවන ළං කරනවා කියන එක පොඩි විප්ලවයක් නෙමෙයි.

පිටිසිරා වඩාත් නිෂ් ඕඩියන්ස් එකක් තෝරගනිද්දි කිරිඥානෙ පොදු ජනතාව තෝරගත්තා. ඒක තමයි අමාරු වැඩේ. ලංකාවෙ බුද්දාගම ඉවැන්ජලීකරනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් කිරිඥානෙ අතින් සිද්ද වෙනවා. පල්ලියෙ ගීතිකා සහ බෞද්ද සජ්ජායනවා සමපාත වෙනවා. ශ‍්‍රද්ධාව කියල භක්තිය රිප්ලේස් වෙනවා. වචන එහෙමම තියෙද්දි මදේ මාරුවෙනවා.

නාගරික ඇදහිලිවන්තයන්ට හරියන බුද්දාගමක් කිරිඥානෙ නිර්මානය කරනවා. ඒක කතෝලික මනසට සමීප එකක්. ඒක දෙපැත්තෙම අයට ලේසියෙන් ආගම් මාරු කරන්න ඉඩක් හදනවා. වෙනසක් නැති හුරුවක් හදනවා. බුද්දාගම ට‍්‍රාන්ස්ෆෝම් කරනවා. රෙපරමාදු ක‍්‍රිස්තියානි බුද්දාගමේ නූතන මුහුනුවර කිරිඥානෙ. බුද්දාගම ඇදහිල්ලක් නෙමෙයි දර්ශනයක් කියන අයගෙ රෙදි ගලවනවා එයා.

අනිත් වැදගත්ම දේ ත‍්‍රිපිටකය සිංහලෙන් ලියපු එක. ඒකෙන් නොතේරෙන පාලි වචන කියද්දි බෞද්දයන්ට ආපු ගුප්ත නොතේරෙන නිවන වගේ හැගීම ඉවරම වෙනවා. කිරිඥානෙ තෝරගෙන කතා කරන්නෙත් අමුතුම සුත‍්‍ර. ඔය චන්දිම සූත‍්‍රය වගේ ඇහුවම හිනායන බෞද්ද දේශනා කිරිඥානෙ ඇගිල්ලෙන් ඇනලා පෙන්නනවා. ත‍්‍රිපිටකයෙ ගැඹුරු කාරණා නෑ කියනවා නෙමෙයි. ඒත් අනිත් හැම ආගමකම වගේ බොළඳ ඇදහිලිවන්තයන්ට පමණක් දැනෙන කාරණාත් ත‍්‍රිපිටකේ බහුලයි. ඔය අංගුත්තර නිකායෙ තියෙන විශාකා වගේ බිරින්දෑවරු ගැන කතාවත් එහෙමයි. බුද්දාගම යනු ප‍්‍රඥා දහමක්, ත‍්‍රිපිටකය මාර ශුද්ධ හරයක් කියන අයට කිරිඥානෙ යන එන මං නැති කරනවා.

මේක දිහා බලාගෙන හිටියම මට තේරුනා එයා වැදගත් වැඩක් නොදැන හෝ දැනගෙන කරමින් ඉන්නවා කියල. ඒ තමයි අනාගතයේ බුද්ධිමත් පරපුර ආගමෙන් ඈත් කරන එක. ඒක සුරංගනා කතාවක් වගේ කරන එක. ඒ වගේම ඇදහිලිවන්ත බහුතරයට බොරු ප‍්‍රඥා කතා නොකියා යක්කු පෙරේතයො දිව්‍යලෝක අපායම මාර්කට් කරන එක.

ආගමක් කියන්නෙ විද්‍යාවක්, දර්ශනයක් අරකක් මේකක් කියන කතන්දර පුස් කරන එක. ආගමක් කියන්නෙත් ඩ‍්‍රග් එකක් වගේම තමන්ගෙ චොයිස් එක අනුව තෝරගන්න ඕන ආතල් එකක් වගයි කිරිඥානෙ ව්‍යාපෘතියෙ අවසාන අර්ථය.

One Comment

  1. කනන්නන්ද හමුදුරුවන්ගෝ අසපුවේ හාමුදුරුනමක් කුටියක එල්ලිල්ල මලා. අදවෙනකන් මෙයා දායකයන්ගෙන් මේක හන්ගගගෙන ඉන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button