දේශපාලන

රාජපක්ෂලාගේ – වතුර ඉල්ලූ මිනිසුන් ඝාතනය හා සජිත්ලාගේ චන්ඩිකම්

බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ ජනතාවට ගෝඨාභය රාජපක්ෂලා වෙඩි තිබ්බේය. ජනතාවට වඩා කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ සමාගම ආරක්ෂා කිරීම ඔවුන්ට වැදගත් විය.

ඒ වෙනුවෙන් රතුපස්වලදී තිදෙනෙකු මරා දැම්මේය. පසුව රටට පේන්නට වින්දිත ජනතාවට වන්දි දුන්නේය. දෙදහස් දහ තුනේ අගෝස්තු පළමුවැනිදා මේ වෙඩි තැබීමේ නියෝගය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ය. එය අධිකරණයේදී ප්‍රකාශ වූ කරුණකි.

නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තියන්නට පැමිණි හමුදාවෙන් ජනතාව ප්‍රශ්න කළේය.

‘මෙතැන පොලිසිය ඉන්නවා, හමුදාව ආවෙ ඇයි…?’
‘අපිට බලය දීලා තියෙන්නේ…. ප්‍රශ්න කරන්න එපා…’

ජනතාවට හමුදාවෙන් ලැබුණු උත්තරය එය විය. අධිකරණයේදී හමුදාව ඊට පිළිතුරු දුන්නේ හිටපු එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සාමාන්‍ය ජනතාව පාලනය කරන්නට හමුදාවට බලය පැවරු ගැසට් එකක් පෙන්වමින් ය.

එහෙත් හමුදාව මානව හිමිකම් කොමිසමට පවසා තිබුණේ පොලිසිය ඉල්ලූ නිසා සහාය දීමට ගිය බවයි. නීතියට අනුව එම ඉල්ලීම කළ හැක්කේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට ය. එවකට ගම්පහ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ විජිත කොමසාරු අවධාරණය කර තිබුණේ තමන් හමුදාවෙන් එවැනි ඉල්ලීමක් නොකළ බවයි.

බලය ලබා ගැනීම සහ බලය පවත්වා ගැනීම වෙනුවෙන් කරන වැඩ වලදී ගෝඨාභය රාජපක්ෂ මෙන්ම සජිත් ප්‍රේමදාසගේද වෙනසක් නැත. මාලඹේ පැවති සජිත්ගේ ඡන්ද රැලියකදී තරුණයෙකුට පහර දීමේ සිද්ධියද ඒ වගේම වැඩකි. තරුණයාගේ හැසිරීම කෙසේ වෙතත් කවර තත්වයක් යටතේ හෝ පුද්ගලයෙකුට පහර දීම අනුමත කළ නොහැකිය. එහෙත් අදාළ පහර දීම කළ පිරිසට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

නැවත නැවතත් කිව යුතුය. වැදගත් වන්නේ නිවැරදි දේ නිවැරදි මොහොතේ කිරීම ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button