චූදිත අභියාචක (සුනිල් රත්නායක) වෙනුවෙනු පෙනී සිටි උගත් ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීම් අනුව මහේෂ්වරන් යනු විශ්වාාසය තැබිය හැකි සාක්ෂිකරුවෙකු වන්නේද යන්න සළකා බැලිය යුතු කරුණකි.
මහාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද විනිසුරුතුමන්ලා කිසිවෙකු මහේෂ්වරන් සාක්ෂි දෙන ලද අවස්ථාවේදී එම නඩුවේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු නොකළ හෙයින් එම විනිසුරුතුමන්ලාට මහේශ්වරන් සාක්ෂි ලබාදුන් විලාසය සහ ලීලාව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නොලැබුණු බව සත්‍යයකි. කෙසේ වෙතත් එම විනිසුරුතුමන්ලා සාක්ෂිකරුගේ සාක්ෂි දීමේ විලාසය සහ ලීලාව මත පදනම් වී නොමැති අතර අනෙක් අතට චූදිත අභියාචක (සුනිල් රත්නායක) ගේ පාර්ශවයෙන් මහේෂ්වරන් නැවත සාක්ෂියට කැදවන ලෙස ඉල්ලීමක් සිදුවී නොමැත. විත්තියට එය සිදු දිරීමට අයිතිවාසිකම සහ හැකියාව තිබුණි.
මහාධිකරණය විසින් සාක්ෂිකරුවෙකු ලෙස මහේෂ්වරන්ගේ විශ්වස්‍යතාවය පිළිබදව දීර්ඝ ලෙස සළකා බලා ඇති අතර (සාක්ෂි සටහන් වල පිටු අංක 381 සිට 415 දක්වා සහ තීන්දුවේ 19 වැනි පිටුවේ සිට 52 වැනි පිටුව දක්වා) 1වී 1 සිට 1වී 12 දක්වා ලකුණු කරන ලද පරස්පරතාවයන්ද 1 සිට 12 දක්වා අධිකරණයේ අවධානයට යොමු කරන ලද ඌණතාවයන්ද ඔහුගේ සාක්ෂිය ඇගයීමේදී සළකා බලමින් මහේෂ්වරන්ගේ සාක්ෂිය මත ක්‍රියා කිරීම ආරක්ෂා සහිත බවට තීරණය කොට ඇත.
ශ්‍රේෂ්ඨාධීකරණයද ඉහත සදහන් කළ පරස්පරතාවයන් සහ ඌණතාවයන් ප්‍රවේශමෙන් සළකා බැලීමෙන් පසු අදාළ සිදුවීමේ ස්වභාවය එම අවස්ථාවේ මහේෂ්වරන්ගේ මානසික තත්වය යනාදී කරුණු අනුව එකී පරස්පරතාවයන් සහ ඌණතාවයන් නොවැදගත් ලෙස තීරණය කර ඇත. මෙහිදී සිහිතබාගතයුතු කරුණ වන්නේ මහේෂ්වරන් කතා කළ භාෂාව සිංහල නොව දෙමළ බවයි. ඔහු දෙමළ භාෂාවෙන් කියන ලද දෙය එලෙසම සිංහලයට පරිවර්තනය කර ලිවීමේදී කොටස් අඩුවී ඇති බවක් පෙනේ. ප්‍රකාශය ලබාදෙන අවස්ථාවේදී ඔහුගේ කලබලයට පත් මානසික තත්වය වටහා ගැනීම අසීරු නැත. ඔහු ඊපීඩීපී හෝ රතුකුරුස සාමාජිකයන් නොමැතිව හමුදාව සමග අපරාධ ස්ථානයට යාම පවා ප්‍රතික්ශේප කර ඇත. සිද්ධිය වූ අවස්ථාවේදී මහේෂ්වරන් පත්වී සිටි භීතියේ තරම එයින් පෙනී යයි.
3 Comments