දේශීය

ජනාධිපති ගෝඨාභයගේ බැංකු ණය සහනයේ කතාව මුලාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ රටේ පවත්නා අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය සඳහා සහන ලබාදෙන බවයි.

ඒ අනුව ව්‍යාපාරික කටයුතු සඳහා ලබාගෙන ඇති ණය නැවත අයකර ගැනීම මාස හයකට අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන බව ඔහුගේ කතාවෙහි සඳහන් විය.

නමුත් බැංකු හා මුල්‍ය ආයතන ප්‍රධානීන් පෙන්වා දෙන්නේ මෙවැනි බරපතල තීන්දු කටවචනයකට පමණක් සිදුකළ නොහැකි බවයි.

ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් අදාල මුල්‍ය ආයතනවලින් විමසීමේදී මුල්‍ය ආයතන පවසා ඇත්තේ ගැසට් පත්‍රයක් හරහා නීත්‍යනුකූල ලෙස රජයේ මෙම තීරණය ප්‍රකාශයට පත් කරනතුරු තමන්ට කිසිවක් සිදුකළ නොහැකි බවකි.

මාස හයකට ණය ගෙවීම් අත්හිටුවා ජනතාවට සහන සලසා ඇති බවට ප්‍රකාශ කරමින් ආණ්ඩුව තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරමින් සිටියි. ඒ අතර ජනාධිපතිවරයාගේ තීරණය තුට්ටුවකට මායිම් නොකරමින් බැංකු හා මුල්‍ය ආයතන සුපුරුදු පරිදි ණය අයකර ගනිමින් සිටියි.

අවසානයේ කොරෝනාවෙන් බැටකන මහජනතාවට සිදුව ඇත්තේ ණයත් ගෙවා ආණ්ඩුවේ ප්‍රචාරණ කටයුතුත් අසා සිටීම පමණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button