දේශීය

මීගමුවේ කතෝලික පාසලක සැක කටයුතු සිදුවීමක්…. ජනතාව අවධානයෙන් ඉන්න….

අගරදගුරු තුමා පවසයි

පසුගිය දිනක මීගමුවට පැමිණි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් මීගමුවේ කතෝලික පාසලක් වීඩියෝ ගත කර ඇති බව කාදිනල් මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා පවසයි.

ඔවුන් ශ්‍රී ලංකාවේ ගත කර ඇත්තේ පැය විසි හතරක කාලයක් පමණක් බවත් අගරදගුරු තුමන් පවසයි.

එවැනි සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී තිබෙන බවත්, මෙවැනි සැක කටයුතු සිද්ධීන් පිලිබඳ විමර්ශන කටයුතු ඉක්මනින් සිදු නොවන නිසා ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත් පවසා සිටියා.

අගරදගුරු තුමන් මේ පිළිබඳව පවසා සිටියේ කොළඹ අගරදගුරු නිවාසයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button