විදේශීය

හැරී සහ මේගන් රාජකීය නාමය අත්හරියි

හැරී සහ මේගන් යුවල රාජකීය නාමය තවදුරටත් භාවිත නොකරන බවත් ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් මහජන මුදල් ලබා දීමක් සිදු නොකරන බවත් බංකින්හැම් මාළිගාව නිවේදනය කරයි.

මේ අතර හැරි සහ මේගන් යුවළ තවදුරටත් බ්‍රිතාන්‍ය මහ රැජිණ නියෝජනය කරමින් කිසිඳු අවස්ථාවකට සහභාගී නොවන බව ද බංකින්හැම් මාලිගාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් ඔවුන්ගේ Frogmore හි නිවස අලුත්වැඩියා කිරිමට වියදම් කළ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 2.4ක මහජන මුදල යළි පියවිමට ඔවුන් අදහස් කරන බවත් බංකින්හැම් මාලිගාව සදහන් කර සිටිනවා.

හැරී සහ මේගන් යුවළ සමග දෙවන එලිසබෙත් මහ රැජින සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණ වෙත එළඹී බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button