දේශපාලන

“ගෝඨා නම් ඕනෙම නෑ” – වෙල්ගම කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තමන් දැනුවත් අතර තමන් ඊට එකඟ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යළි අවධාරණය කරයි.

එහෙයින් පොහොට්ටුවේ නාමික තනතුරුවලින් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා නොවේ නම් තමා යළි ඔවුන්ට සහය දක්වන බව වෙල්ගම කියාසිටියි.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෙක් වුවත් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට තදින්ම විරුද්ධ අතර පොහොට්ටුවට සහය පළකළේ එම විරෝධය මත බවද ඔහු පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කළ විරෝධයේ ප්‍රතිපලයක් ලෙස කුමාර වෙල්ගමව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කර තිබේ.

එහෙත් තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන නොමැති හෙයින් තමන් කටයුතු කළේ නාමික තනතුරක බව වෙල්ගම මහතා ප්‍රකශ කරයි.

අනාගත ජනාධිපති අපේක්ෂයා රෙද්ද බැනියම අදින තැනැත්තෙක් බවට තමන් ප්‍රකාශ කර තිබෙන අතර තමන්ද රෙද්ද බැනියම අඳින හෙයින් ඊට තමන්ද සුදුසු බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියකින් තොරව තමන්ට තීරණයක් ගත නොහැකි බවද වෙල්ගම වැඩිදුරටත් කියාසිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button