දේශීය

“වඳ ඔපරේෂන් දිවයිනේ ප්ලෑනක්…. මාව බේරලා දෙන්න….” – කුරුණෑගල DIG කියයි….

රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ වඳ සැත්කම් කතාවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන්ව ඊට පටළවා ඇත්තේ දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු ඇතුළු පිරිසක් විසින් බවත් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ප්‍රකාශ කර තිබේ. ඒ, රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු හමුවේ දීර්ඝ පාපොච්ඡාරණයක් සිදු කරමිනි.

මේ කිසිවක් තමන් නොදන්නා බවත්, පැලෝපීය නාල අවහිර කර වන්ධ්‍යකරණය කළ හැකිද නැද්ද යන්න ගැන හෝ තමන්ට අදහසක් නැති බවත් පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා දිවයින පුවත්පත මේ සිදුවීමට තමන්ව සම්බන්ධ කිරන්නේ ඔවුන්ගේ ගැලවිල්ලට බවත් පවසා තිබේ. ඒ නිසා තමන් අහිංසකයෙකු බවත් තමන්ව කෙසේ හෝ බේරාගන්නා ලෙසත් ඉහත කී රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා හමුවේ ආයාචනයක් ද කර ඇත.

කෙසේ වෙතත් සිදු කෙරුණු දුරකථන දත්ත පරීක්ෂාවෙන් ද තහවුරු වී ඇත්තේ දිවයින පුවත්පතට තොරතුරු ලබාදී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්ම බවයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා ද තමන්ගේ ගැළවීම තකා පාපොච්ඡාරණයක් කරමින් දිවයින පුවත්පතේ සගයින්ව පාවා දෙමින් සිටින්නේ මෙවැනි තත්ත්වයක් තුළය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button