දේශීය

සයිටම් රෝහල රජයට පවරා ගැනීම බොරුවක්

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කිසිදු හිමිකාරීත්වයක් රජයට නොමැති බවත් නෙවිල් ප්‍රනාන්දු මහතා රාජ්‍ය බැංකුවකින් ලබාගෙන ඇති රුපියල් බිලියන 2.5 ක බැංකු ණය රජයෙන් ගෙවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා ඊයේ (30) පිළිගත්තේ ය.

ඒ රාජ්‍ය ආයතන වල සිදුවූ දූෂණ හා වංචා පිළීබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

2015 ජනවාරි 15වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා රාජ්‍ය ආයතන වල සිදුවූ දූෂණ හා වංචා පිළීබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම ඊය‍ෙ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි එම කාර්යාලයේ දී රැස්විය.

එහිදී කොමිෂන් සභාවේදී විභාගයට ගැනුණේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් නොමැතිව රජයේ මුදල් වැය කිරීම සම්බන්ධවයි.

එහිදී සාක්ෂි දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා සදහන් කළේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කිසිදු හිමිකාරීත්වයක් රජයට නොමැති වුවද ඒ වෙනුවෙන් නෙවිල් ප්‍රනාන්දු රාජ්‍ය බැංකුවකින් ලබාගෙන ඇති රුපියල් බිලියන 2.5 ක බැංකු ණය රජයෙන් ගෙවන බවයි.

එමෙන්ම රෝහලේ සියලු වියදම් ද රජය විසින් දරන බවත් ගිවිසුම අනුව යම් හෙයකින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නේ නම් එය සිදුකළ හැක්කේ වසර 10 කට පසුව බවත් ලේකම්වරිය පිළිගෙන ඇත.

ඇමතිවරු මුල්‍ය කටයුතු පිළිබද වැරදි යෝජනා හා තීරණ ගෙන ඒමේදී අමාත්‍යංශ ලේකම්වරුන් වශයෙන් ඒවාට විරුද්ධ වීම තමන්ගේ රාජකාරිය බව පිළිගන්නේදැයි සභාපති විනිසුරුවරයා අමාත්‍යාංශ ලේකම්වරියගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය එම ප්‍රකාශය පිළිගෙන තිබේ.

මෙහිදී කොමිෂන් සභා සභාපතිවරයා ප්‍රශ්න කළේ දැනටමත් රජයේ මුදල් පෞද්ගලික ආයතනයකට වැය කිරීමේ මුදල් ප්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කිරීම ඉතා බරපතළ භයානක ක්‍රියාවක් බවයි. මේ පිළිබද වැඩිදුර සාක්ෂී විමසීම් පැමිණි විභාගය ලබන මස 6 වැනිදා දක්වා කල් තැබුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button