දේශීය

21 ප්‍රහාරයෙන් අසරණ වූ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙලක්

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පාසැල් සිසුන් 22 දෙදෙනෙකුට දෙමාපියන් අහිමිවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මෙම ප්‍රහාරයෙන් පාසල් සිසුන් 29 දෙනෙකු මරුමුවට පත්ව තවත් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා සදහන් කළා.

ඒ අනුව ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රීයාත්මක කරන බව ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඔවුනට අධ්‍යාපන අමාත්‍යංශයේ සුරක්ෂා රක්ෂණාවරණය හරහා වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බවයි.

මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ දරුවන්ගේ මානසික තත්වය නගා සිටුවීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රීයාත්මක කරන බව ද ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසනවා.

ඒ පිළිබද විශේෂ සාකච්ජාවක් අද පැවැත්වෙන බව එහි අධ්‍යක්ෂ අනෝමා සිරිවර්ධන මහත්මිය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button