දේශීය

කාලගුණය අමුතු වෙයි, අකුණු සමග අයිස් වැසි – ජනතාවට ප්‍රවේශම් වන්න යැයි අනතුරු ඇඟවීම් !

යාපනයේ නීර්වේලි ඇතුළු පළාත් කිහිපයකට පසුගිය දා දහවල් ගිගුරුම් හා අකුණු ගැසීම් සහිත අයිස් වැස්සක් පතිත වී ඇතැයි වාර්තා වේ.

දහවල් 1.45ට පමණ ආරම්භ වූ වර්ෂාව එක දිගටම පැයක පමණ කාලයක් පැවැති බව ද සඳහන්.

යාපනය නීර්වේලි ඇතුළු පළාත්වලට වර්ෂාවක් පතිත වී ඇත්තේ දින 52කට පමණ පසුව බව පවසන ගම්වාසීහු මීට ප්‍රථම අයිස් වැස්සක් පතිතවූ කාලයක් පිළිබඳව ඔවුන්ට මතකයක් නොමැති බව ද කියා සිටී.

මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, වයඹ පළාත්වලට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට ද අද (18) දිනයේ මි.මී. 100 ඉක්මවූ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි.

එහෙයින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2 න් පසුව ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button