දේශීය

මත්ද්‍රව්‍ය රැගෙන ශ‍්‍රීපාදයට පැමිණි තරුණයින් පිරිසක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 14 දෙනෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි සිදු කල හදිසි පරික්ෂාවකදි මෙම තරුණයන් 14 දෙනා සන්තකයේ කේරල ගංජා, සහ ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි සන්තකයේ තබා ගැනිම චොදනාව යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ඇඹිලිපිටිය, තංගල්ල , කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අවුරුදු 25-30 වයස් කාණ්ඩවල පසුවන අය බව මෙම වැටලිම සිදුකල නිලධාරින් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන තරුණයන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතා විසින් විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක්ද දියත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button