දේශීය

වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වර්ජනය කරමින් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂනයක

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරෙසියා වතුයායේ වතු අධිකාරිවරයාව පාලන අධිකාරියෙන් ඉවත් කරන ලෙස බල කරමින් එම වතු යායේ වතු කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වර්ජනය කරමින් එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට තුන් වන දිනටත් අද (22) උද්ඝෝෂනයක නිරත විය.

එම වතුයායේ වතු අධිකාරිවරයා වතුයාය නිසිලෙස පාලනය නොකරන බවත්, තේ වතු කැලැ බවට පත් විම නිසා තමන්ට ලබාදෙන වැඩ කරන දින ගණනද අඩු විම හේතුවෙන් තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින බව වතු කම්කරුවන් කියා සිටිනවා.

දින තුනක් තිස්සේ වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂනය කිරිම සම්බන්ධයෙන් මඩොල්සිම වැවිලි සමාගමේ ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරි අතුල විජේවර්ධන මහතා උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් සමග අද සාකච්ඡාවක්ද පවත්වනු ලැබුවා.

එම සාකච්ඡාවේදි ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරිවරයා උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් හමුවේ කියා සිටියේ වතු කම්කරුවන් සිදු කරන පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලා සතියක් ඇතුලත එයට විසදුමක් ලබාදෙන බවයි.

ඔවුන් නගන චෝදනා සම්බන්ධයෙන් අප එම වතු යායේ වතු අධිකාරි සුගත් ආරියරත්න මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ වතු කම්කරුවන් නගන චෝදනා පදනම් විරහිත බවයි.

ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේ කාසල්රි ජලාශයට බගවන්තලාවේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ තම වතුයායට අයත් කොටසේ අනවසරෙන් විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් වතු කම්කරුවන් කිහිපදෙනෙකුගේ සහයෝගය මත රාත්‍රි කාලයේ මැණික් ගැරිමේ ජාවාරමක් සිදු කරගෙන යන බවත්. එම මැණික් ජාවාරම සිදු කරගෙන යාමට එරෙහිව නිතිමය පියවර ගැනිම සහ එයට විරුද්ධ විම හේතුවෙන් වතු කම්කරුවන්ව උද්ඝෝෂන වලට පොලඹවා මැණික් ජාවාරම්කරුවන් තමන්ව වතු පාලන අධිකාරියෙන් ඉවත් කිරිමට සැලසුමක් දියත් කර ඇතිබවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button