දේශීය

එන්.සි. නැමති මත්ද්‍රව්‍යය කිලෝ 7 ½ සමග සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට

සෞඛ්‍යය අමාත්‍යංශයෙන්, ශ්‍රී ලංකාව තුල අලෙවි කිරීම තහනම් කර ඇති එන්.සි නැමති මත්ද්‍රව්‍යය කිලෝ 7 ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (22) උදැසන සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවෙන් මේ රටට නීතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සදහා සැකකරු කොළඹ ප්‍රදෙශයෙන් රැගෙන විත් හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රහසිගතව සඟවා තිබියදී හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරික්ෂා කර මෙම මත්ද්‍රව්‍යය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 10 බැගින් කුඩා ටින් වල අසුරා ටින් 25 බැගින් මත්ද්‍රව්‍යය ටින් 750 ක් කුඩා පෙට්ටි 30 ක අසුරා තිබුණි.

ග්‍රෑම් 10 බැගින් වු එක් මත්ද්‍රව්‍යය ටින් එකක පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බවයි මෙම වැටලිම සිදු කල හැටන් කොට්ඨාශ දුෂන මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යයවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍යය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල නිලධාරින් පැවසිය.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button