දේශීය

රටට අනතුරක්….! ලංකාව ළඟින්ම මළ මුහුදක්

ඉන්දියන් සාගරයේ ලංකාව ආශ්‍රිතව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 60,000ක මළ මුහුදක් නිර්මාණය වී තිබේ.

මෙහි කිසිදු ජීවියකු නැති අතර ඔක්සිජන්ද මෙහි නොමැත. තිබෙන නයිට්‍රජන් වායුවද ක්ෂය වෙමින් පවතී. මේ නිසා මෙම මළ මුහුදේ ව්‍යාප්තිය තුළ අප රටට හා සෙසු රටවල් කිහිපයකටම මෙහි පවතින අනතුර බරපතළ ආකාරයට බලපෑ හැකි යැයි හිටපු නාවික හමුදාපති ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ පැවැති දේශනයකට එක්වෙමිනි.

ඒ මහතා මෙසේද කීය.

ලංකාවට මෙන්ම ලෝකයටම බලපාන සාගරයේ ඇති ලොකුම සතුරා ප්ලාස්ටික්. ලංකාවේ මේ ආකාරයට ප්ලාස්ටික් භාවිත කරගෙන ගියහොත් 2025 වනවිට මෙට්රික්ටොන් මිලියන 17.5ක් ලංකා මුහුදු සීමාවේ තැන්පත් වේ. මෙම ප්‍රමාණය සමහරවිට ඊට වඩා වැඩිවීමටද හැකියි.

ප්ලාස්ටික් බෝතලයක් මහ මුහුදට දැම්මොත් එය දිරන්නට වසර 400ක් පමණ කාලයක් ගතවෙනවා. නමුත් මෙයද සම්පූර්ණයෙන්ම විනාශ වන්නේ නෑ. මෙම ප්ලාස්ටික් විවිධ කොටස්වලට කැඩීමට ලක්වේ. උෂ්ණත්වය නිසා මුහුදේ හා වෙරළේ ඇති වන විවිධ ක්‍රියාකාරි කටයුතු නිසා තව තවත් අංශු මාත්‍රවලට මෙම ප්ලාස්ටික් කැඩී යයි. ඒවා අප හඳුන්වන්නේ මොනෝ ප්ලාස්ටික් වශයෙනි. නැතිනම් නැනෝ ප්ලාස්ටික් වශයෙන් හැඳින්වෙන කුඩා අංශුවලට කැඩීමද සිදුවෙයි. මෙම නැනෝ ප්ලාස්ටික් කොටස් මසුන් ආහාරයට ගන්නවා. මේ අනුව අපි ගන්නා වූ මත්ස්‍ය ආහාර හරහා අපි නොදැනුවත්වම ප්ලාස්ටික් ආහාරයට ගැනීම සිදුවෙනවා.

මත්ස්‍ය ආහාර හරහා මෙයයි සිදුවන්නේ. මේ නිසා තරුණ වියේදී හා ළමා කාලයේදීම වැඩිහිටි අයටද විවිධ රෝග ඇති වෙයි. එය සිදුවන්නේ මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය මත්ස්‍ය ආහාර සමඟ කෑම නිසාය. මේ සියලුම ප්ලාස්ටික් ද්‍රව්‍ය මුහුදේ තැන්පත් වෙයි.


මව්බිම ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button