ක්‍රීඩා

03ක් ගත්තේ කෝලි විතර ද?

2018 අයි.සී.සී වාර්ෂික සම්මාන උළෙලේ දී ඉන්දීය නායක විරාට් කෝලි වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා කියන සම්මාන 03ම දිනා ගන්නවා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි එකම ක්‍රීඩයෙක් විසින් මේ සම්මාන 03ම දිනා ගන්නේ. හැබැයි එකම සම්මාන උළෙලක දී සම්මාන 03 ක් දිනා ගත්ත පළවෙනියා විරාට් කෝලි නෙවෙයි. ඒ දස්කම මුලින්ම කළේ අපේ රටේ කුමාර් සංගක්කාර. ඒ 2012 දී. ඉතිං අපි අද හිතුවා මේ අයි.සී.සී සම්මාන උළෙල ගැන ටිකක් කථා කරන්න.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අයි.සී.සී සම්මාන උළෙල මුලින්ම සංවිධානය කරන්නෙ 2004 අවුරුද්දෙ. එතැන් පටන් සෑම අවුරුද්දක් පාසාම මේ සම්මාන උළෙල විවිධ රටවලදි සංවිධානය වෙලා තියෙනවා. 2013 ඉදලා රූපවාහිනී වැඩසටහනක් විදිහට තමයි සම්මාන උළෙල පැවැත්වෙන්නෙ. ඒ වගේම 2011 ඉදලා 2014 වෙනකන් මේ සම්මාන උළෙල හැදින්වූයේ LG අයි.සී.සී සම්මාන උළෙල කියලා. ඒ LG ආයතනයෙන් ලැබුණ අනුග්‍රාහක දායකත්වය නිසා.

මේ සම්මාන උළෙලෙ දි සම්මාන හිමිකර ගන්න සම්මාන ලාභීන් තීරණය කරන්නෙ අයි.සී.සී ය විසින් නම් කරන විශේෂ කමිටුවකින්. 2004 ඉදලා 2007 වෙනකන් ඉන්දියාවේ සුනිල් ගවස්කාර් මේ කමිටුවේ සභාපතිත්වය දැරුවා. ඊටපස්සෙ 2008 – 2012 කාලයේ සභාපති තනතුර දැරුවෙ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්ලයිව් ලොයිඩ්. 2013 ඉදලා ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ තමයි මේ කමිටුවෙ සභාපති. කමිටුවෙ අනිත් සමාජිකයො අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංග (2006), සිදත් වෙත්තිමුණි (2008), මාවන් අතපත්තු (2012) සහ රසල් ආනල්ඩ් (2014) කියන අයත් අවස්ථා හතරකදි මේ කමිටුව නියෝජනය කරලා තියෙනවා. සමහර අවස්ථා වලදි ජනතා මනාපයෙනුත් සම්මාන ලාභීන් තෝරගෙන තියෙනවා.

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2004 – එංගලන්තයේ ලන්ඩන්  

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – එංගලන්තයේ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – ඉන්දියාවේ ඉර්ෆාන් පතන්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ සයිමන් ටෝෆල්

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2005 – ඔස්ට්‍රේලියාවේ සිඩ්නි 

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – එංගලන්තයේ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සහ දකුණු අප්‍රිකාවේ ජැක් කලීස්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – දකුණු අප්‍රිකාවේ ජැක් කලීස්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – එංගලන්තයේ කෙවින් පීටර්සන්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – එංගලන්තයේ කෙවින් පීටර්සන්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ සයිමන් ටෝෆල්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකි කණ්ඩායම – එංගලන්තය

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2006 – ඉන්දියාවේ මුම්බායි 

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටිං
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටිං
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – ඔස්ට්‍රේලියාවේ මයිකල් හසී
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – එංගලන්තයේ ඉයන් බෙල්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ සයිමන් ටෝෆල්
  • වසරේ නායකයා – ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (රැචෙල් හේයීස්-ෆ්ලින්ට් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ කැරන් රොල්ටන්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකි කණ්ඩායම – එංගලන්තය

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2007 – දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් 

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටිං
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – පාකිස්ථානයේ මොහොමඩ් යුසුෆ්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – ඔස්ට්‍රේලියාවේ ෂෝන් ටේට්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – කෙන්යාවේ තෝමස් ඔඩොයෝ
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ සයිමන් ටෝෆල්
  • වසරේ නායකයා – ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටිං
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (රැචෙල් හේයීස්-ෆ්ලින්ට් සම්මානය) – ඉන්දියාවේ ජුලාන් ගෝස්වාමි
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකි කණ්ඩායම – ශ්‍රී ලංකාව

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2008 – එක්සත් අරාබි එමීර් හි ඩුබායි

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – බ.ඉ. කොදෙව් හි ශිව්නරීන් චන්ද්‍රපෝල්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – ඉන්දියාවේ යුව්රාජ් සිං
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – නෙදර්ලන්තයේ රයන් ටෙන් ඩස්කටා
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ සයිමන් ටෝෆල්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (රැචෙල් හේයීස්-ෆ්ලින්ට් සම්මානය) – එංගලන්තයේ චාලට් එඩ්වඩ්ස්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකි කණ්ඩායම – ශ්‍රී ලංකාව

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2009 – දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ ගෞතම් ගම්භීර්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – ඔස්ට්‍රේලියාවේ පීටර් සිඩ්ල්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – අයර්ලන්තයේ විලියම් පෝටර්ෆීල්ඩ්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – පකිස්ථානයේ අලීම් දාර්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (රැචෙල් හේයීස්-ෆ්ලින්ට් සම්මානය) – එංගලන්තයේ ක්ලෙයාර් ටේලර්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකි කණ්ඩායම – නවසීලන්තය

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2010 – ඉන්දියාවේ බැංගලෝර්

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ විරේන්ද්‍ර ශෙවාග්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – නවසීලන්කයේ බ්‍රෙන්ඩන් මැකලම්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – එංගලන්තයේ සටීවන් ෆින්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – නෙදර්ලන්තයේ රයන් ටෙන් ඩස්කටා
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – පකිස්ථානයේ අලීම් දාර්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (රැචෙල් හේයීස්-ෆ්ලින්ට් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ ශෙලී නිට්ස්ච්කෙ
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකි කණ්ඩායම – නවසීලන්තය
  • LG වසරේ ජනතාවගේ ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම – ඉන්දියාව
  • වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම – ඔස්ට්‍රේලියාව

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2011 – එංගලන්තයේ ලන්ඩන්

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – එංගලන්තයේ ජොනතන් ට්‍රොට්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – එංගලන්තයේ ඇලෙස්ටියාර් කුක්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – නවසීලන්කයේ ටිම් සවුති
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – බ.ඉ. කොදෙව් හි දේවේන්ද්‍ර බිෂූ
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – නෙදර්ලන්තයේ රයන් ටෙන් ඩස්කටා
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – පකිස්ථානයේ අලීම් දාර්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (රැචෙල් හේයීස්-ෆ්ලින්ට් සම්මානය) – බ.ඉ. කොදෙව් හි ස්ටෙෆනි ටේලර්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් වන සම්මානය – ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි
  • LG වසරේ ජනතාවගේ ක්‍රිකට් ක්‍රීඩකයා – ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2012 – ශ්‍රී ලංකාවේ කොළඹ

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ විරාට් කෝලි
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – දකුණු අප්‍රිකාවේ රිචඩ් ලෙවී
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – බ.ඉ. කොදෙව් හි සුනිල් නරීන්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – අයර්ලන්තයේ ජෝර්ජ් ඩොක්රෙල්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (රැචෙල් හේයීස්-ෆ්ලින්ට් සම්මානය) – එංගලන්තයේ සරා ටේලර්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් වන සම්මානය – නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි
  • LG වසරේ ජනතාවගේ ක්‍රිකට් ක්‍රීඩකයා – ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2013

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාර්ක්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ඔස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාර්ක්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – පකිස්තානයේ උමාර් ගුල්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – ඉන්දියාවේ චැටෙස්වර් පුජාරා
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – අයර්ලන්තයේ කෙවින් ඔ´බ්‍රයන්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – එංගලන්තයේ රිචඩ් කෙට්ල්බරෝ
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව – නවසීලන්තයේ සුසී බෙට්ස්
  • වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාව – එංගලන්තයේ සරා ටේලර්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් වන සම්මානය – ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන
  • LG වසරේ ජනතාවගේ ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ මහේනද්‍ර සිං දෝනි

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2014

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – ඔස්ට්‍රේලියාවේ ආරෝන් ෆින්ච්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – එංගලන්තයේ ගැරී බැලන්ස්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – ස්කොට්ලන්තයේ ප්‍රොස්ටන් මොම්සෙන්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – එංගලන්තයේ රිචඩ් කෙට්ල්බරෝ
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව – එංගලන්තයේ සරා ටේලර්
  • වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාව – ඔස්ට්‍රේලියාවේ මැග් ලෙනින්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් වන සම්මානය – එංගලන්තයේ කැතරින් බ්‍රන්ට්
  • LG වසරේ ජනතාවගේ ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර්

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2015

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ ස්ට්ව් ස්මිත්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ඔස්ට්‍රේලියාවේ ස්ට්ව් ස්මිත්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – දකුණු අප්‍රිකාවේ ෆැෆ් ඩු ප්ලෙසිස්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – ඔස්ට්‍රේලියාවේ ජොස් හෙස්ල්වුඩ්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – එක්සත් අරාබි එමීර් හි කුරාම් ඛාන්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – එංගලන්තයේ රිචඩ් කෙට්ල්බරෝ
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව – ඔස්ට්‍රේලියාවේ මැග් ලෙනින්
  • වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාව – බ.ඉ. කොදෙව් හි සටෙෆනි ටේලර්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් වන සම්මානය – නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2016

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඉන්දියාවේ රවිචන්ද්‍ර අශ්වින්
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ රවිචන්ද්‍ර අශ්වින්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – දකුණු අප්‍රිකාවේ ක්විටන් ඩි කොක්
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – බ.ඉ.කොදෙව් හි කාලෝස් බ්‍රැත්වේට්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – බංගලාදේශයේ මුෂ්ටෆසුර් රෙහ්මාන්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් ශේෂාඩ්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – දකුණු අප්‍රිකාවේ මරායිස් ඉරාස්මස්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව – නවසීලන්තයේ සුසී බෙට්ස්
  • වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාව – නවසීලන්තයේ සුසී බෙට්ස්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් වන සම්මානය – පකිස්තානයේ මිෂ්බා උල් හක්

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2017

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඉන්දියාවේ විරාට් කෝලි
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ඔස්ට්‍රේලියාවේ ස්ටිව් ස්මිත්
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ විරාට් කෝලි
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – ඉන්දියාවේ යුෂ්වේනද්‍ර චහාල්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – පකිස්තානයේ හසන් අලී
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – දකුණු අප්‍රිකාවේ මරායිස් ඉරාස්මස්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (රැචෙල් හේයීස්-ෆ්ලින්ට් සම්මානය) – ඔස්ට්‍රේලියාවේ එලිස් පෙරී
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව – නවසීලන්තයේ එමී සැටර්නන්ට්
  • වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාව – ඔස්ට්‍රේලියාවේ බෙත් මුනි
  • වසරේ නැගී එන ක්‍රීඩිකාව – ඔස්ට්‍රේලියාවේ බෙත් මුනි
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් වන සම්මානය – එංගලන්තයේ අන්යා ශෘබ්සෝල්

අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළෙල 2018

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – ඉන්දියාවේ විරාට් කෝලි
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ විරාට් කෝලි
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – ඉන්දියාවේ විරාට් කෝලි
  • වසරේ හොදම 20යි 20 දක්ෂතාවය – ඔස්ට්‍රේලියාවේ ආරොන් ෆින්ච්
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – ඉන්දියාවේ රිෂාබ් පන්ට්
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුබද්ධිත රටවල් – ස්කොට්ලන්තයේ කැළුම් මැක්ලියෝඩ්
  • වසරේ විනිසුරුවරයා (ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය) – ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (රැචෙල් හේයීස්-ෆ්ලින්ට් සම්මානය) – ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව – ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා
  • වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාව – ඔස්ට්‍රේලියාවේ ඇල්සා හේලි
  • වසරේ නැගී එන ක්‍රීඩිකාව – ඔස්ට්‍රේලියාවේ සොෆී එක්ල්ස්ටෝන්
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් වන සම්මානය – නවසීලන්තයේ කේන් විලියම්සන්

සුධීර අයේෂ්මන්ත
ජනයුගය ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග ලේඛක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button