දේශීය

Africa Photographer of the Year 2018 ඡායාරූප තරඟයේ Grand Prize සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට

Africa Photographer of the Year 2018 තරගයේ අවසාන වටයට තේරුණු ඡායාරූප අතරින් එහි ප්‍රමුඛතම සම්මානය (Grand Prize) දිනා ගැනීමට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙකු වන ලක්ෂිත කරුණාරත්න සමත්වී තිබෙනවා. ඒ ඔහුගේ ‘The Swing’ ඡායාරූපයටයි.

ඒ පිළිබඳව ලක්ෂිත කරුණාරත්න facebook සටහනක් තබමින් මෙසේ සඳහන් කර සිටිනවා

අන්තර්ජාලයේ ප්‍රේක්ෂක ඡන්ද මතින් තෝරා ගැනුණු අවසන් වටය ජයග්‍රහණය කර දීම වෙනුවෙන් මහත් උනන්දුවෙන්, කැපවීමෙන් සහ ඉමහත් ධෛර්යයෙන් යුක්තව කටයුතු කල සහ මේ තරගය තමන්ගේම දෙයක් සේ සලකා ඡන්ද ඉදිරිපත් කල සියලුම ශ්‍රී ලාංකිකයන්, නිසැකවම මේ තරඟයේ ජයග්‍රාහකයෝ වෙති. ලොව නන් දෙසින් මගේ ඡායාරූපය සඳහා ඡන්ද ඉදිරිපත් කර තිබුනද, කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා විශ්මය දනවන සුළු තරමේ උනන්දුවකින් කටයුතු කල මෙරට සහ පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් නොවන්නට මේ ජයග්‍රහණය යථාර්තයක් නොවන්නේය. මේ වෙනුවෙන්ම කැපවී කටයුතු කල සංවිධාන සහ ආයතන කිහිපයකුත්, හිතවතුන් බොහෝ දෙනෙකුත් විශේෂයෙන් නම් කල යුතු උවත්, මා එය නොකරන්නේ, මේ සඳහා ඡන්දය අන්තර්ජාලය හරහා ඉදිරිපත් කල අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට එය අසාධාරණයක් විය හැකි බැවිනි.

මේ ජයග්‍රහණය 100%ක්ම ශ්‍රී ලාංකිකයන්ගේ ජයග්‍රහණයකි ???

ඔබ සැමට ස්තූතියි ?

(ඔබට හැකිනම් මෙය ඔබේ ශ්‍රී ලාංකික මිතුරන් අතර Share කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ඡන්දය ප්‍රකාශ කල සියලු ශ්‍රී ලාංකිකයන්ට කෙසේ හෝ ස්තුතිය පලකල යුතුම බැවිනි)

ලක්ෂිත කරුණාරත්න සොහොයුරාට ජනයුගය අපෙන් සුබපැතුම්….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button