ශ්‍රී ලංකාව ස්වභාවික විපත් ජාලයක් මැද
2100 වසර වන විට ගෝලිය උෂ්ණත්වය සෙන්ටිගේ්රඩ් අංශක තුනකින් ඉහළ යන බවත් එය මිහිමත ජීවීන්ගේ පැවැත්මට ඉතා අහිතකර වන බවත් කාළගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුවේ උප සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා පවසයි.
මෙකී කාලය වනවිට මිහිතලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සිට 2 දක්වා වැඩිවන බවට විද්‍යාඥයින් මීට පෙර අනතුරු අඟවා ඇතත් එකී අනාවැකි ඉක්මවා ගෝලීය උෂ්ණත්වය වැඩි වෙමින් පවතින බව මහාචාර්ය මුණසිංහ මහතා කියයි.
මෙම ගෝලිය උෂ්ණත්වය වැඩිවීම දේශගුණ විපර්යාසවලට කෙලින්ම බලපා ඇතැයි ද මුණසිංහ මහතා පෙන්වා දෙයි.
මේ තත්ත්වයෙන් මිදෙන්නට නම් වසර 2030 වනවිටගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම 45 % කින් අඩුකර ගන්නට සියලූ රටවල් එකාවන්ව එකමුතු විය යුතු යැයි හෙතෙම සඳහන් කරයි.
2017 වසරේ දී ලොව පුරා අධික ජල ගැලීම්, ගංවතුර ආපදා සහ ස්වභාවික විපත් වඩාත්ම ඇති වූ රටවල් 10 අතරින් ශ්‍රී ලංකාව ද එකක් බව පෙන්වා දෙන මුණසිංහ මහතා මේ කාලගුණ විපර්යාස පිළිබඳව අධ්‍යයනය සිදුවිය යුතු යැයි ද එය මුලික කටයුත්තක් සේ සැළකිය යුතු යැයි ද පෙන්වා දෙයි.
දේශගුණ විපර්යාස හා ගෝලිය උෂ්ණත්වය වැඩිවීම පිළිබඳව පැවැති ජාත්‍යන්තර සමුළුව කිහිපයක දීම මුණසිංහ මහතා මේ අදහස් පලකර තිබේ.
මෙම කරුණු සම්බන්ධව අදහස් දක්වන පාරිසරික විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා පවසන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්ෂේත්රවලට මුදල් වෙන් කරන්නාක් මෙන් දේශගුණ විපර්යාස පිළීබඳව අධ්‍යයන කටයුතු සඳහා ද රජය මූලිකව මුදලක් වෙන් කළ යුතු නමුත් මේ වනතුරුත් එය සිදු නොවන බවයි.
විශේෂයෙන්ම වර්ෂාපතන රටාව හා ගෝලිය උෂ්ණත්වය පිළිබඳ නිවැරදි දත්ත සමඟ පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
විනීතා එම් ගමගේ