දේශපාලන

තවුහිද් ජමාඅත් තහනම් කර නැහැ…. ආණ්ඩුව යලිත් ජනතාව රවටයි….

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා ජමෙයිතුල් මිල්ලතු ඊබ්‍රාහිම් යන සංවිධාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් තහනම් සංවිධාන බවට පත් කළ ද මෙතෙක් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා ආණ්ඩුවේ සහයෝගය ලැබී නැතැයි වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අප්‍රේල් 27 වන දින අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කළ අතර හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව එම තහනම සිදුකරන බව එහි දක්වා තිබිණ.

කෙසේවුවද, අදාළ සංවිධාන නිල වශයෙන් තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයාට තනි බලයක් නොමැති හෙයින් ඒ සඳහා ආණ්ඩුවේ සහය ලබා ගැනීම අනිවාර්ය වී තිබේ. එහෙත් එම සහයෝගය ලබා දීමට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන තෙක් ඉදිරිපත් වී නොමැති අතර, අදාළ සාකච්ඡාද මගහරිමින් සිටින බවද වාර්තා වේ.

නීති විශාරදයන්ගේ මතය අනුව උක්ත සංවිධාන සඳහා දැනට පනවා ඇති තහනම හදිසි නීතිය ඉවත් වීමත් සමග අවසන් විය හැකි බැවින් මේ මොහොතේ අදාළ තහනම් කිරීම් නිල මට්ටමින් සිදු කිරීමට නම් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බව ද පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button