දේශීය

ශ්‍රී පාදයේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10ක් ඉතිරි කර යයි

මෙවර ශ්‍රී පාද වන්දනා වාරයේදි ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් කැළි කසළ බදුන්වලට බැහැර කර තිබූ බව මස්කෙලිය ප්‍රාදේශිය සභාව පවසයි.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට පැමිණි වන්දනාකරුවන් විසින් නල්ලතන්නියේ සිට ශ්‍රී පාදය උඩ මළුව දක්වා ප්ලස්ටික් වතුර බෝතල් ලක්ෂ 10 පමණ බැහැර කර තිබේ.

නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා ගමන් ගන්නා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා ගැනිමට නිසි වැඩ පිලිවෙලක් නොමැති නිසා පානිය ජලය අවශ්‍යයතාවය ලබා ගැනිමට වන්දනාකරුවන් මෙසේ ප්ලාස්ටික් වතුර බොතල් උඩ මළුව දක්වා රැගෙන යාම සිදුවේ.

කැළි කසළ බදුන්වලට බැහැර කර තිබු ප්ලාස්ටික වතුර බෝතල් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් සහ නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් සහ සේවකයින් විසින් අවස්ථා කිහිපයකදිම නල්ලතන්නිය දක්වා රැගෙනවිත් ඇත. එසේ රැගෙන ආ ප්ලාස්ටික් වතුර බොතල් ප්‍රතිචක්‍රිකරණය සදහා යොමු කිරීමට නියමිතයි.

නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් ගන්නා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා දිමට වැඩ පිලිවෙලක් දියත් කරන්නේ නම් ඊලග වන්දනා වාරයේදි ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන යාම වැලැක්විය හැකි බව සඳහන්වේ.

මේ අතර 2019/2020 ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා දිමේ ව්‍යපෘතියක් ආරම්භ කිරිමට මේ වන විට ප්‍රතිපාදන වෙන් කර ඇති බව නුවරඑලිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර මහතා ශ්‍රි පාද වන්දනා වරාය අවසන් කිරිම සම්බන්ධයෙන් පසුගිය දා නල්ලතන්නිය ග්‍රාමාසේවා කාර්යයාලයේ පැවති රැස්විමේදි පවසා තිබේ.

2018/2019 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් දිනට පසු දින (19) අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button