දේශීය

සතොස හාල් සත්තුන්ට

සතොස ගබඩාවල තිබෙන සහල් කිලෝ 410,484 ක් සත්ත්ව ආහාරවලට වෙන් කිරීමට සිදුව ඇතැයි සතොස ආරංචි මාර්ග හෙළිකරයි.

ඒ අතර, ආනයනික සහල් කිලෝ 388,484ක් හා දේශීය සහල් කිලෝ 22,000 ක් පවතින බවයි පැවසෙන්නේ. 2017 හා 2018 වසරවලදී මෙරටට ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 110,000ක් අතරින් බෙදා නොහැර සතොස ගබඩාවල රඳවා ඉතිරි වු සහල් මෙලෙස සත්ව ආහාර ලෙස වෙන් කර තිබේ.

පසුගිය ද ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍යවරුන් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙම සහල් සත්ත්ව අහාර ලෙස නිකුත් කිරීමට තීරණය කළ බවයි සතොස ආරංචි මාර්ග පවසන්නේ.

මිට පෙර පසුගිය දිනෙක සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුලු කණ්ඩායමක් වීරවිල, හිගුරක්ගොඩ හා කොළඹ මැක්ලම් වීදියේ සතොස ගබඩා පරීක්ෂා කළ අවස්ථාවලදී එම ගබඩාවල තිබී සත්ත්ව ආහාරවලට වෙන් කළ සහල් කිලෝ 54,25,000ක් සොයාගත් බවද වාර්තා විය. එහිදී වීරවිල සතොස ගබඩාවෙන් සහල් කිලෝ ලක්ෂ 50 ක්, හිඟුරක්ගොඩ ගබඩාවෙන් කිලෝ 406,000ක් හා මැක්ලම් වීදීයේ ගබඩාවෙන් කිලෝ 10,000 ක් සොයා ගෙන තිබිණි. හිඟුරක්ගොඩ ගබඩාවේ සත්ත්ව ආහාරවලට වෙන්කළ සහල් කිලෝ 56,000 ක් කල් ඉකුත් වීමට මාස දෙකකට පෙර මෙලෙස සත්ත්ව ආහාරවලට වෙන්කර තිබූ බවද මැක්ලම් වීදීයේ ගබඩාවේ තිබූ සහල් කිලෝ 19739 ක් සත්ත්ව ආහාරවලට වත් භාවිතා කළ නොහැකි තරමට කල් ඉකුත්ව තිබීම හේතුවෙන් මාළිගාවත්තේ වළ දැමීමට එහි නිලධාරීන් කටයුතු කර තිබූ බවද පසුගියදා හෙළිදරව් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button