විදේශීය

මිකී මවුස්ගේ පෙම්බරිය ‘මිනී මවුස්’ මිය යයි….

පුරා වසර 30කට අධික කාලයක් ඩිස්නි මිනී මවුස්ට හඬ කැවූ හඬ රංග ශිල්පිනී රසි ටේලර් මියගොස් තිබෙනවා.

මිය යන විට 75 වන වියේ පසු වූ ඇය ඇමරිකාවේ කැලිෆෝනියාහී දී ඉකුත් සිකුරාදා දින අභාවප්‍රාප්ත වූ බව වෝල්ට් ඩිස්නි සමාගම නිවේදනය කර තිබෙනවා.

සුප්‍රකට මිකී මවුස් චරිතයේ සහකාරිය වන මිනී මවුස් චරිතයට වර්ෂ 1986 සිට ඇය හඬ කවා තිබෙනවා.

එහිදී ඇනිමේෂන් සිනමාපට, රූපවාහිනී වැඩසටහන් සහ තේමා උද්‍යානවල වැඩසටහන් සඳහා ද ඇය දායකත්ව දී තිබුණා.

ඇය විවාහ වූයේද මිකී මවුස්ට හඬ දුන් ශිල්පියා වන වේන් ඇල්වින් සමඟයි.

ඩිස්නි සභාපතිවරයා සහ ප්‍රධාන් විධායක නිලධාරි බොබ් ඉගර් එම නිවේදනය නිකුත් කරමින් පවසා තිබුණේ රසි ටේලර්ට තම සමාගමේ උපහාරය පුද කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button