දේශපාලන

“රාජපක්ෂ බ්‍රෑන්ඩ් එක මුළු රටේම ප්‍රතික්ෂේප වෙලා ඉවරයි”

හම්බන්තොට ජනතාව පමණක් නොව මුළු රටම රාජපක්ෂවරු ප්‍රතික්ෂේප කර අවසන් බව සිවිල් ක්‍රියාධරයෙකු ප්‍රකාශ කර තිබේ.

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමඟ ‘රාජපක්ෂ බ්‍රෑන්ඩ් එක’ අවසන් වු බවයි චමීර පෙරේරා පෙන්වා දෙන්නේ.

“රාජපක්ෂවරු කරගහ ගෙන යන දෝලාව කරගහ ගෙන යන ඇම්බැට්ටයෝ මේ රටේ නැහැ. රාජපක්ෂවරුන්ගේ බ්‍රෑන්ඩ් එක මේ රට ප්‍රතික්ෂේප කළා. 2015 ප්‍රතික්ෂේප කළා. තවදුරටත් රාජපක්ෂවරු කරගහ ගෙන යන්න සුදානම් නෑ.”

යයි මාධ්‍යවේදී චමිල්ක සම්පත් මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන බවට මංගල සමරවීර ඇමැතිවරයා කරන ලද ප්‍රකාශයත් සමඟ ඉදිරි ජනාධිපතිවරණ සටන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජපක්ෂවරු හා ප්‍රේමදාසලා අතර සටනක් වේ දැයි චමිල්ක සම්පත් මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය.

සමාජ සාධාරණත්වය හා සමානාත්වතාව තහවුරු කළ හැකි නායකයෙකු රටට අවශ්‍ය බව පෙන්වා දුන් චමීර පෙරේරා ජනතාව ඉල්ලා සිටින්නේද එවැනි නායකයෙකු බවයි හෙතෙම කියා සිටියේ.

ජනතාව බලපොරොත්තු වන නායකයා ඉදිරියට එමින් සිටන බව හා රටම ඒ පිළිබඳව කතා වෙමින් තිබෙන බව පැවසු සිවිල් ක්‍රියාධර චමීර පෙරේරා එහෙත් එම නායකයා කවුරුන් දැයි ප්‍රකාශ කර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button