දේශීය

විමල්ගේ මත්ද්‍රව්‍ය කතාව නිසා දුම්රිය ධාවනය නවතින ලකුණු

දුම්රිය රියදුරන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට අමාත්‍ය විමල් මහතා කළ වගකීම් විරහිත ප්‍රකාශය නිසා දුම්රිය රියදුරන්ගේ දරුවන්ට පාසල් යාමටවත් නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් එම ප්‍රකාශය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් අද (05) දහවල් 12.00න් පසු දුම්රිය ධාවනයෙන් ඉවත් වන බවත් දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිති පවසයි.

“විමල් වීරවංශ ඇමතිතුමාගේ ප්‍රකාශයත් එක්ක අපේ නිලධාරීන් දැඩි නොසන්සුන්තාවයකට ඊයේ රාත්‍රියේ පත්වෙලා දිගින් දිගටම සංගමයක් විදියට අපට පැමිණිලි කළා. ඒවගේම ඔවුන්ගේ බිරින්දෑවරුන්, ළමයින් අද පාසල්වලට යන්න බැරි තත්වයකට පත්වෙලා තියෙනවා අද මේ විමල් වීරවංශ ඇමතිතුමාගේ ප්‍රකාශයත් එක්ක.

මෙලෙස වගකීම් විදිහට කටයුතු කිරීම පිළිබඳ ඇත්තෙන්ම අපි සංගමයක් විදියටත් විමල් වීරවංශ ඇමතිවරයා කෙරෙහි කණගාටුව ප්‍රකාශ කරනවා. තවදුරටත් මේක එතුමා නිවැරදි කරයි කියන කාරණය අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

යම්කිසි හේතුවකින් මේ දුම්රිය එන්ජින් සියල්ලම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත තත්වයක නෙවෙයි මේක තියෙන්නෙ. එවැනි තත්වයක් තුළ මත්ද්‍රව්‍ය හෝ වෙනයම් ඕනෙම නීතිවිරෝධී ද්‍රව්‍යයක් දුම්රිය එන්ජින් තුළට මැදිරි තුළට ඕනෙ කෙනෙකුට ගෙනල්ලා දාලා අපේ සාමාජිකයින් එහෙම නැත්නම් අපේ නිලධාරීන් අත් අඩංගුවට ගන්න හෝ වෙන ක්‍රියාවලියකට පටළවන්න පුළුවන්. ඒනිසා මම වගකීමෙන් කියනවා එවැනි දෙයක් සිදුකරන්න කලින් එවැනි දෙයක් සිදු නොවෙන විදියට අවශ්‍ය වාතාවරණය සකස් කරන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එවැනි තීරණයක් හෝ ප්‍රකාශයක් රජයේ පාර්ශ්වයෙන් සිදු නොවුණොත් අපි 05 වනදා මධ්‍යහ්නයේ සිට දුම්රියේ නිසි ආරක්ෂාවක් නැතිව දුම්රිය ධාවනයෙන් වැළකී සිටින්න මේ වෙනකොට අපේ සංගමය විදියට තීරණය කරලා තියෙනවා. ඒ සඳහා දුම්රියේ සහ අනෙකුත් සියලුම වෘත්තීය සමිති අපට සහයෝගය දක්වයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. මගී ජනතාවටත් යම්කිසි අසීරුතාවයක් සිදුවුණොත් මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශයක් තුළින් ඇතිවිය හැකි අවදානම සලකා අපි මේ කරන්නාවූ කටයුත්තෙන් ඔවුන්ට සිදුවන අපහසුතාවය අපගැන අනුකම්පාවෙන් යුතුව ඉවසන්න කියලා අපි මගී ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා”

යැයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ඊයේ (04) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button