දේශීය

කාලෝ ෆොන්සේකා ජීවන ගමන නිම කරයි

1933 මාර්තු 04 වෙනිදා කොළඹ දී උපත ලද කාලෝ ෆොන්සේකා මිගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේ සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදී ශිෂ්‍යකු වේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වශයෙන් ද කලක් කටයුතු කළේ ය.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම සාහිත්‍ය කලාවේ ද උන්නතිය වෙනුවෙන් කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා, නොබියව අඳහස් පළ කළ දෙස් විදෙස් කීර්තියට පත් මාහා විද්වතෙකි. මිය යනවිට ඔහු 86වන වියේ පසුවිය

ශ්‍රී ලංකාවේ පවතින සාමප්‍රදායික මිත්‍යාවන්ට එරෙහිව විද්‍යාත්මක කෝණයකින් හඬ නැඟූ එතුමා, සයිටම් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුද විය. ශ්‍රී ලාංකේය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉමහත් සේවයක් කළ ‘වෛද්‍ය තුමෙකු’ ලෙසද, සිංහල සාහිත්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් මෙහෙවරක් කල යුග පුරුෂයෙකු ලෙසද මෙතුමා හැඳින්විය හැකිය.


මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ඥාතියෙකු වන රන්ජන් රාමනායක මහතා විසින්, මහාචාර්ය තුමන්ගේ සුවදුක් ගැන සහ එතුමන්ගේ උතුම් ගුණාංග ගැන, මීට සතියකට පෙර facebook තැබූ සටහනක්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button