දේශීය

විලිලැජ්ජා සහගත ජනාධිපති සම්මාන විගඩම

ඊයේ රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ රටේ මාධ්‍යවේදීන් හෑල්ලුවට ලක් කෙරෙන විගඩමක් බව අපගේ පුද්ගලික හැගීමයි.

මාධ්‍යවේදියකු වසරක් පුරා ලියන ලිපි තමා විසින්ම පිටපත් කර ඒවා කර්තෘවරයා සහතික කරවාගෙන ඉදිරිපත් කර ලබා ගන්නා සම්මාන විශිෂ්ටතා සම්මානයක් ලෙස අර්ථ ගැන්වීම විගඩමකි.

හුදෙක් මාධ්‍යවේදීන් සම්මාන හිගන නිවටයන් පිරිසකට පත්කිරීම විලිලැජ්ජා සහගතය.

සම්මාන පිදිය යුත්තේ ඒවා ඉල්ලන් එන උන්ට නොව මනා අධීක්ෂණයක් යටතේ වසරක කමිටු නිරීක්ෂණයකින් අනතුරුවය. තමන් හට ළගට ගෙන්වාගෙන ඒවා අතරින් විශිෂ්ටතා සම්මාන පිදීම හුදු අමනෝඥකමක් පමණි.

ඊයේ දින සම්මාන පිරිනැමුවේ සැබෑම විශිෂ්ටයන්ටදැයි ගැටලුවක් ඒ අනුව ඇතිවේ. මන්ද බොහෝ විශිෂ්ටයන් සම්මාන ඉල්ලන් යන්නේ නැති බැවිනි.
මාටින් වික්‍රමසිංහයන් වැනි විශිෂ්ට ගනයේ ලේඛකයන් අද ජීවත් වූවානම් ඔවුනටද ඉල්ලං සම්මාන ගැනීමේ මේ විලිලැජ්ජා සහගත ඛේදවාචකයට මුහුණ දීමේ අභග්ගය අත්වීමට ඉඩ තිබිණ.

ඊයේ දින ටයිකෝට් පැළඳ සම්මාන අරගෙන ප්‍රේක්ෂකාගාරයට ඒ ලබාගත් සම්මානය ඔසවා පෙන්වද්දී මාධ්‍යවේදීන් වන අප අප ගැනම කනගාටු විය යුතුය. මන්ද මේ සම්මන ජනපති නාමයෙන් අප යාචකයන් බවට පත්කර ලබා දෙන හිඟන ඵලකයක් පමණක්ම වන බැවිනි. සැබෑ සම්මාන ලාභියා බොහෝවිට රූපවාහිනියේ තිරය මතින් මේ මහා විගඩම දෙස බලා උපහාසාත්මකව හිනැහෙමින් තේකක් තොලගාමින් සිටිනා බවට සැකයක් නැත.

මන්ද කිසිදා විශිෂ්ටයා සම්මන හිගාකන්නට නොයන බැවිනි….

ලබන වසරේදී වත් මේ හිගන ක්‍රමවේදය වෙනුවට සැබෑ ක්‍රමවේදයක් හරහා සම්මන පුදනවානම් එය සැබවින්ම විශිෂ්තා සම්මාන උළෙලක් වනු ඇත….


ප්‍රබුද්ධි රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button