දේශීය

ගොවීන් රවටලා ලාබෙට එළවළු අරගෙන, රජයට විකුණලා දේශපාලකයෝ වැඩි ලාබ ලබයි

රජය විසින් ගොවීන්ගෙන් එළවළු මිලට ගැනීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙලේදී ඇතැම් දේශපාලඥයින්ගේ හිතුවතුන් ගොවීන් රවටා අයථා ලාබ උපයන බවට පැමිණිලි ඉදිරිපත් වනවා.

මෙම පුද්ගලයින් ගොවීන්ගෙන් එළවළු අඩු මිලට මිලදී ගෙන රජය මිලදී ගැනීම් මධ්‍යස්ථානවලදී වැඩිමිලට අලෙවි කරන බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න,

“නාගරික මන්ත්‍රිවරු, ප්‍රාදේශීය මන්ත්‍රිවරු මෙන්ම දේශපාලනඥයින්ගේ සහයකයෝ මෙම ක්‍රියාව සිදු කරමින් සිටිනවා. ගොවියන්ගේ කැකිරි රුපියල් 10ටත් බණ්ඩක්කා රුපියල් 30ත් ආදී වශයෙන් ඉතාමත් අඩු මිලට ගෙන රජය ගන්නා තැනට අරගෙන ගිහින් රුපියල් 50ට වික්කා.”

යනුවෙනි.

මේ අතර ගොවීන් කිසිවෙකුටත් අසාධාරණයක් සිදුනොවන පරිදි ගොවීන් සතු එළවළු අස්වනු අවසන් කිලෝග්‍රෑමය දක්වාම මිලට ගැනීමට කටයුතු කරන බවට රජය යලි සහතික වෙනවා.

නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලදී, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණයෙන් ප‍්‍රදේශීය ලේකම් කාර්යාල හරහා එළවළු මිලදී ගැනීම් සිදුවන බවයි රජය පවසන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළවළු තොග මිලදී ගැනීම සිදුවන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහායි.

ගොවීන්ගෙන් මිලදී ගන්නා එළවළු තොග පාරිභෝගිකයන් වෙත සහන මිලට හෝ අඩු ආදායම්ලාභීන් වෙත නොමිලේ ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button