දේශීය

කිරිපිටි වාරණ මිනිස්සුන්ට ආදරේටද…?

ආනයනික කිරිපිටි සම්බන්දව මේ දවස් වල කතාවක් යනවනේ… අපි දන්න ඉතිහාසය පුරාවටම ආනයනික කිරිපිටි පිලිබඳව ප්‍රශ්න ඇදෙන්නෙ පොලිටිකල් සහ බිස්නස් ගේම් වල කොටසක් හැටියට…. DCD, මෙලමයින් වගේ ප්‍රශ්න වල පසුබිම බැලුව නම් ඒක හරියටම තේරෙනව. මෙලමයින් ප්‍රශ්නෙ කෙලින්ම ඉලක්ක වුනේ ෆොන්ටෙරා සමාගමට. ෆොන්ටෙරා කියන්නෙ ලංකාවෙ හුඟක් ආයතන වලට කිරිපිටි සපයන ආයතනයක් වුනත් ලංකාව ඇතුලෙ ටාගර්ට් වුනේ ඇන්කර් බ්‍රෑන්ඩ් නේම් එක එක්ක එන ෆොන්ටෙරා ලංකා සමාගමට…. නමුත් ඒ වෙනකොටත් තවත් කිරිපිටි සමාගම් වලට ෆොන්ටෙරා ආයතනයෙන් කිරිපිටි ආනයනය කරමින් තිබුනා….

එතකොට හිතන්න කාරනයක් තියෙනව ෆොන්ටෙරා එකෙන් ආනයනය කරන අනිත් සමාගම් වලට එල්ලවෙන්නෙ නැති ප්‍රශ්නෙ ඇන්කර් එකට එල්ලවෙන්නෙ කොහොමද කියන එක. එතකොට එක පැත්තකින් හයිලන්ඩ් කිරිපිටි සමාගම තමන්ගෙ අළෙවිය වේගයෙන් ඉහලනංවා ගන්නව…. අදාල අවස්තාවෙ ෆොන්ටෙරා ලංකා සමාගම කලේ රටේම මිනිස්සුන්ගෙ කන් වලින් රිංගන්න රත්ති බ්‍රෑන්ඩ් එක එළියට දානව…. හැබැයි ෆොන්ටෙරා එකෙන්ම තමයි ගෙන්නනෙ පැකේජින් විතරක් වෙනස් කරල අලුත් බ්‍රෑන්ඩ් නේම් එකක් විදියට එළියට එනව…. මිනිස්සු හිතනව රත්ති කියන නම සිංහල නිසා මේක දේශීය දෙයක් කියල… ඇන්කර් එකට තිබුණු විරෝධය රත්ති වලට රජයෙන් හෝ වෙනත් පාර්ශවයකින් එල්ලවෙන්නෙ නෑ…. ඔය කිව්වේ මෙලමයින් ගැටලුව ගැන….

ඊට පස්සෙ ආපු ලොකුම ගැටලුව තමයි DCD ගැටලුව. DCD ප්‍රශ්නෙ මුලින්ම ඇදෙන්නෙ චීනයේ. ෆොන්ටෙරා සමාගමෙන් ආනයනය කරපු කිරිපිටි බැජ් දෙකක DCD තිබුනා කියල චීනයෙන් ඒ බැජ් දෙක සම්පූරණයෙන්ම හරවල යවනව. සමාන්‍යයෙන් මල්ටි නැශනල් සමාගම් වල එක බැජ් එකක් හදන්නෙ එක රටකට යවන්න විතරයි. ඒකට හේතුව ඒ බැජ් එකේ ප්‍රොඩක්ට් එකේ අවුලක් තිබුනොත් හඳුනාගැනීමේ පහසුව සහ තමන්ගෙ විකුනුම් ජාලය ට්‍රැක් කිරීමේ පහසුව කියන කාරනා වලට. ෆොන්ටෙරා සමාගමේ ඒ බැජ් කෝඩ් එකේ ප්‍රොඩක්ට් ලංකාවට එන්න කොහෙත්ම විදියක් නෑ…. එතකොට ලංකාව ඇතුලෙ ඔය ප්‍රශ්නය ඇදෙන්නෙ චීනය එක්ක අපේ තිබුන රාජතාන්ත්‍රික සම්බන්ධතා නිසා. රාජතාන්ත්‍රික සම්බන්ධතා වලදි ඒ ඒ රටවල් තමන්ගෙ ප්‍රශ්නයකදි මැදිහත්වෙන ආකාරය ගැන විමසිල්ලකින් සිටිනව. අර අපේ ජනාධිපතිතුමා උතුරු කොරියාවට තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කලෙත් අන්න ඒවගේ සිද්ධියකට. ඒ වෙලාවෙ ලංකාවට සිද්ද වෙනව තමන්ගෙ විරුද්ධත්වය ෆොන්ටෙරා සමාගමට පාන්න. හොඳම වැඩේ කියන්නෙ ඒ වෙනකොට පැලවත්ත කියන සමාගම යන්තම් හොබෙන් යමින් හිටපු කාලයක්. එක පාරටම පැලවත්ත සමාගමේ අළෙවිය සීඝ්‍ර විදියට ඉහලට යනව. හැබැයි පැලවත්තට ඒ ඉල්ලුම සපයන්න තරම් ප්‍රොඩක්ශන් කැපෑසිටි එකක් තිබුනේ නෑ…. එයාලා මොකද කලේ…? වෙනත් සමාගමකින් ආනයනය කරන ලද කිරිපිටි පැලවත්ත ලේබල් එකෙන් පැක් කරල වෙළඳපොලට සපයන්න ගත්තා. ඊට පස්සේ ටික දවසකින් DCD ප්‍රශ්නයත් ඉවර වෙලාම ගියා.

ඔන්න දැන් ආයෙත් ආනයනික කිරිපිටි වල ඌරු තෙල් අඬංගුයි කියල කතාවක් මැවෙනව. (කිරිපිටිවල යම්තාක් දුරට සත්ව තෙල් තියෙනව.) අර මෙලමයින් ගැනවත් DCD ගැනවත් දැන් කතාවක් ඇත්තෙම නෑ…. ඔය කතා මැවුන එක අවස්තාවකවත් ගෙනාපු බැජ් එකක් හරවල යැව්ව කියල නම් මම අහලත් නෑ… ඇයි මේ එක පාරටම මේ රජයටත් කිරිපිටි වලට විරුද්ධත්වය එන්න ගන්නෙ…? ලංකාවෙ මිනිස්සුන්ට දරුවො කියන්නෙ ඉතා සංවේදී කාරනයක්. වගේම කෑම බීම කියන්නෙත් සංවේදී කාරනයක්. ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරණයක් එනව කියල සේයාවන් තියෙන කාලයක මේ වගේ කාරනා කරලියට එන්නෙ ජනතාවට තියෙන සැබෑ ආදරයට කියල හිතන එකෙක් ඉන්නව නම් ඌට මඩු වලිගෙන් ගහල බ්‍රා එකක් කන්දෙකේ ගැටගහල උඩ එල්ලන්න ඕනි.

තමන්ගෙ වාසියට එළියට එන මේ වගේ ප්‍රොපගැන්ඩාස් වලට අහුනොවී ඉන්න තීරණය කරනව නම් වඩා හොඳයි….

කොටින්ම අපිත් පුද්ගලිකව කැමතියි කිරිපිටි කියන දේ සම්පුර්ණයෙන් අයින් කරල ෆ්‍රෙශ් මිල්ක් වලට රටම යොමු වෙනව නම්. නමුත් ඒක කරන්න තරම් කැපෑසිටි එකක් රටට නෑ. දැනට කිරි ආශ්‍රිත අනෙකුත් නිශ්පාදන වලට ප්‍රමානවත් තරම්වත් ප්‍රඩක්ශන් එකක් ලංකාවට නෑ…. එහෙම සැලැස්මක්වත් දන්න තරමින් ලංකාවට නෑ…. ඉතින් දෙවියනේ කියල එහෙම සැලැස්මක් හදල ෆ්‍රෙශ් මිල්ක් ප්‍රමෝට් කරන කාලයකට කිරිපිටි බෑන් කරන්න වැඩ කරනව නම් උපරිම සහයෝගෙ දෙනව මිසක ප්‍රොපගැන්ඩා වලට සහයෝගය නොදී ඉන්න එක ඇඟට ගුනයි….

අපේ යෝජනාව නම් කොහොමත් කිරිපිටි වලින් ඈත් වෙලා ෆ්‍රෙශ්මිල්ක් වලට යන්න කියන එක….

“අපිට නොදැනි අපි විකිණෙන රටක් මේක”


සුජිත් ප්‍රියන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button