දේශීය

එළවළු තොගයකට භූමිතෙල් දමා විනාශ කළ බලංගොඩ නගරාධිපති

බණ්ඩාරවෙල සිට රත්නපුරය දක්වා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ඇඳිරිනීතිය හේතුවෙන් බලංගොඩ නරගරයේ නවතා තිබියදී බලංගොඩ නගරාධිපති, එක්සත් ජාතික පක්ෂයේ චමික විමලසේන වැවේගෙදර විසින් භූමිතෙල් දමා විනාශ කර ඇත.

ඒ පිළිබඳව එළවළු ව්‍යාපාරිකයා මෙලෙස සඳහන් කලේය.

“අපි බණ්ඩාරවෙල ඉඳන් තමයි එළවළු තොගය අරගෙන ආවේ පාන්දර තමයි එහෙන් ආවේ ඉතිං අපි දන්නේ නෑ රත්නපුර නගරය සහ පැල්මඩුල්ල නගරය තහනම් කලාපයක් වෙලා කියලා ඉතිං අපි ගෙනාපු ලක්ෂ එකහමාරක එළවළු ගෙනියන්න ක්‍රමයක් නැති නිසා අපි බලංගොඩ නගරයේ තියාගෙන අපේ ව්‍යාපාරය කරගෙන ගියා නමුත් මේ වෙලාවේ බලංගොඩ නගරාධිපතිවරයා ඇවිත් අපේ එළවළු තොගයට ලාම්පුතෙල් කෑන් එකක් හැලුවා අපිට කිසිම දැනුම් දීමක් මේකට කලෙත් නෑ අපිට කිව්වේ මගෙන් අවසරයක් නැතිව මෙහෙ වෙළඳාම් කරන්න බෑ කියලා…. මේ එළවළු සතෙක් සිවුපාවෙකුට කන්න දුන්නා නම් ඒකත් කමක් නෑ මේ වගේ තුප්පහි වැඩ කරන නගරාධිපතිවරයෙක් අපි නම් ලංකාවේ කොහෙවත් දැකලා නෑ”

නගරාධිපති විමලසේන ඒ පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය

“බලංගොඩ නගරයේ ප්‍රධාන සෞඛ්‍ය බලධාරියා හැටියට සහ නගරාධිපති හැටියට මගෙන් අවසර ගත්තේ නෑ ඉතිං නීතිය හරියට ඉටු නොවුන නිසා මට සිද්ධ වුනා එළවළු තොගය විනාශ කරන්න”

ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය මෙවැනි මොහොතක එළවළු තොගයක් නැවත පාරිභෝජනය කළ නොහැකි ලෙසට විනාශ කර දැමීම ඉතා අශිෂ්ඨ ක්‍රියාවක් බවට බොහෝ පිරිස් සමාජ මාධ්‍ය හරහා චෝදනා කොට තිබුනා. බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබුනේ නීතිය අතට ගැනීමත්, අත්තනෝමතික ලෙස වෙළෙඳුන්ගේ එළවළු විනාශ කිරීම සම්බන්ධයෙනුත් අදාල ප්‍රාදේශීය දේශපාලකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button