දේශීය

මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කරයි

එම නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කරයි

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුවා.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළුවලට ඉහලින් කෘතිම වැසි ඇති කිරිම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉහින අයුරු අප කැමරාවේ සටහන් වුණා.

ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදසැන ගුවන් ගත වූ වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45ක කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැර ඇති බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්‍රියාක්මක කරනු ලැබුවා.

1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ.

ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහලින් වු පැහැපත් වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු අප කැමරාවේ සටහන් වුණා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button