දේශීය

මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි විහාරාධිපති හිමියන් ඝාතනය අන්තවාදී ක්‍රියාවක් නොවේ

නාගොඩ පොලිස් වසමේ මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි විහාරාධිපති හිමියන් ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

එම විහාරස්ථානයේම ආවතේව කළ ගිහි පුද්ගලයෙකු ඝාතනයට සැකකරන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පූජ්‍ය මාපලගම ගුණසිරි හිමියන් වන අතර මුදල් ආරවුලක් මත සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාම මෙයට හේතුව බව පොලිස් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම ඝාතනය ඊයේ (30) රාත්‍රී 8ත් අද අළුයම 5ත් අතර කාලයේ සිදු වී ඇත. මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සැලකිය යුතුයි….

සමාජ ජාලාවල විවිධ අඥාන පිරිස් අදහස් දක්වන්නේ මෙයත් මුස්ලිම් අන්තවාදී ක්‍රියාවක් ලෙස හැඟෙන පරිදිය. නමුත් පොලීසිය හා ආරක්ෂක අංශ වලින් නීතිය ක්‍රියාත්මක කරන අතර, facebook එකෙහි ජාතිවාදය, ආගම්වාදය අවුලන මන්ද බුද්ධිකයන්ගේ ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසත්, එසේ ප්‍රකාශ කරන්නන් පිළිබඳව පොලීසිය හෝ ආරක්ෂක අංශ දැනුවත් කර ඔවුන්වත් නීතිමය ක්‍රියාමාර්ග වෙතට යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

facebook සහ සමාජ ජාලා යනු විනීතව අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් ඇති, මිතුරන් හඳුනා ගන්නට ඇති අවකාශයක් මිස, වල් බූරු නිදහසක් යයි සිතා මිනිසුන් නොමග යවන ස්ථානයක් යයි නොසිතිය යුතුමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button