ව්‍යාපාරික

JAC ට්‍රක් රථ පෙළක් ACL සහ කැළණි කේබල්ස් වෙත ලබා දෙයි

මෙරට ප්‍රවාහන අවශ්‍යතා සඳහා සුදුසුම විසදුම් ලබාදෙන ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන යූරෝ මෝටර්ස් පුද්ගලික සමාගම (JAC එකම නියෝජිත) ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ හා සන්නිවේදන වයර් නිපදවන ACL Cables PLC සහ Kelani Cables PLC යන දේශීය සමාගම් ද්විත්වය සඳහා ට්‍රක් රත් පෙළක් ලබාදීම සංඛේතාත්මකව පසුගියදා සිදුකරන ලදී.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට යූරෝ මෝටර්ස් පුද්ගලික සමාගමේ ජේෂ්ඨ විධායක නිලධාරීන්, ACL Cables PLCහි කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් මදනායක සහ අධ්‍යක්ෂ දයා වාහලතන්ත්‍රී, Kelani Cables PLCහි ප්‍රධාන විධායක නිළධාරී මහින්ද සරණපාල මහතා ඇතුළු විශාල විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම ට්‍රක් රථ ලබාදීමේ මූලික පියවර වශයෙන් මීට පෙර ACL ව්‍යාපාරයට ට්‍රක් රථ 20ක් ලබාදී ඇති අතර, දෙවන පියවරේදී තවත් ට්‍රක් රථ 50ක් ලබාදී ඇත.

මේ අවස්ථාවට සහභාගි වූ යූරෝ මෝටර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රවින්ද්‍ර සේනාරත්න මහතා සඳහන් කලේ මෙරට කේබල් සහ විදුලි උපාංග සම්බන්ධයෙන් අද්විතිය නාමයක් උසුලන සමාගම් ද්විත්වයකට JAC වාහන විශාල ප්‍රමාණයක් එකවර ලබාදීම සම්බන්ධයෙන් සහ එම සමගම් JAC වාහන සහ යූරෝ මෝටර්ස් පුද්ගලික සමාගම පිලිබඳ තැබූ අසමසම විශ්වාසය පිළිබඳව නිහතමානිව සතුටුවන බවය.

JAC ට්‍රක් රථ මිලදීගත් ACL Cables PLCහි කළමණාකාර අධ්‍යක්ෂ සුරේන් මදනායක මහතා ප්‍රකාශ කළේ JAC වාහන වල පවතින ඉහළ ගුණාත්මකභාවය, අලෙවියෙන් පසු ලබාදෙන උපරිම සේවාව හා සුලබ අමතර කොටස් ජාලය නිසා දෙවැනි වරටත් යූරෝ මෝටර්ස් වෙතින් මෙලෙස ට්‍රක් රථ මිලදීගත් බවය.

මේ වනවිට වාහන 20 වඩා වැඩියෙන් මිලදීගත් පාරිභෝගික ආයතන (Corporate Customer) විශාල සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බවද මෙහිදී අනවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button