දේශීය

අධිවේගියේ අධි වේගයෙන් යන අයට දඩ මුදල් වැඩි වෙයි

අධිවේගී මාර්ගයේ දඩ මුදල් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කරයි.

පසුගියදා(07) පාර්ලිමේන්තුවේදී සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව අධිවේගී මාර්ගයක වේග සීමාව 100ක් වන අතර එය 20%කින් වැඩි වුවහොත් දඩය රු.3000 – 5000 අතර වන අතර වේග සීමාව 20 – 30%ත් අතර නම් දඩය රු.5000 – 10000 දක්වා වේ.

වේග සීමාව 30 – 50% අතර නම් දඩය රු.10000 – 15000 අතර වන අතර වේග සීමාව 50% ඉක්ම වූ විට දඩය රු. 25000 වන බවත් අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button