දේශීය

පොලිතින් බෑග් කෝටි 4ක් සුපිරි වෙළඳසල්වලින් මසකදී එළියට

පරිසරවේදීහු පවසති

සුපිරි වෙළඳසල් ඇතුළු වෙළඳසල්වලින් මසකට කෝටි හතරකට අධික පොලිතින් බෑග් ප්‍රමාණයක් නොමිලේ නිකුත් කෙරෙන බව හෙළිවී තිබේ. මෙම පොලිතින් බෑග් දිරා යන ඒවා බව පවසන නමුත් එයින් ඇති බහුතරයක් දිරා නොයන සාමාන්‍ය පොලිතින් බව පරිසර වේදීහු පවසනවා.

මේවා බොහොමයක් එක් වතාවක් පමණක් භාවිතා කර ඉවතලන ඒවා බැවින් එයින් අඩකටත් වැඩි ප්‍රමාණයක් එක වරක් භාවිතා කර ඉවතලන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.

මෙසේ නොමිලයේ බෙදා හැරෙන පොලිතින් බෑග් නිෂ්පාදන දිරා යන්නට වසර 500 කට අධික කාලයක් ගතවන බැවින් සුපිරි වෙළඳසල් වලින් නොමිලේ ලබාදෙන පොලිතින් කවර ප්‍රතික්ෂේප කරන ලෙසත් වෙළඳපොළට යන විට නැවත භාවිත කල හැකි මල්ලක් රැගෙන යන ලෙසත් පරිසරවේදීහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම දැනට තහනමට ලක්ව ඇති පොලිතීන් වර්ග නිපදවන අමුද්‍රව්‍ය තහනම් කර ඇති නිසා එම පොලිතීන් නොපදවීම වැලැක්වීම අසීරු වී ඇතැයි ද ඔවුහු පෙන්වා දෙනවා. දිරා නොයන පොලිතින් අති විශාල තොගයක් නිරන්තර පරිසරයට එක්වීම ගැන වහා බලධාරීන් පියවර ගත යුතු බවද පරිසර වේදීහු තව දුරටත් පෙන්වා දෙනවා.


විනීතා එම්. ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button