විදේශීය

Google, Facebookවලට බදු පැනවේ

Google, Facebook ඇතුළු ඩිජිටල් අන්තර්ජාල සේවා සඳහා බදු පැනවීමේ යෝජනාවට, ප්‍රංශ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ඩිජිටල් අන්තර්ජාල සේවා මත බදු පැනවූ පළමු රටවල් කිහිපය අතරට ප්‍රංශය ද ඇතුළත්. “ගෆා” ලෙස හඳුන්වන නව පනතට අනුව, ප්‍රංශය තුළ ක්‍රියාත්මක Google, Apple, Facebook සහ Amazon යන සමාගම් බද්දට යටත් වනවා. 3%ක එම බද්ද පැනවෙන්නේ, වාර්ෂික ආදායම මතයි. සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ගෆා පනත ජූලි 4 වැනිදා ප්‍රංශ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. මෙම පනත අනුව, මේ වර්ෂය තුළ ප්‍රංශය යුරෝ මිලියන 400ක නව බදු ආදායමක් ලබාගැනීමට අපේක්‍ෂිතයි. වසර 2022 වනවිට එම ප්‍රමාණය යුරෝ මිලියන 650 දක්වා ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ.

අමෙරිකානු සමාගම් 4ක් මත පනවා ඇති බදු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button